ලෝකෙම බලන් හිටපු ඉතිහාසගත චන්ද්‍ර මෙහෙයුම සාර්ථකව නිම වෙයි - ආටෙමිස් II යානය ආරක්ෂිතව පැසිෆික් සාගරයට
සඳ ගවේෂණ මෙහෙයුම සාර්ථකව නිමා කළ 'Artemis II' යානය කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට ආරක්ෂිතව ගොඩ බැස්ස වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ගගනගාමීන් සිවුදෙනෙකු රැගෙන ඉතිහාසගත චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, දින දහයක සාර්ථක සඳ ගවේෂණයකින් අනතුරුව අද(11) දින අළුයම් කාලයේදී මෙසේ ගොඩ බස්වා තිබෙන බව සඳහන්.