ඉන්ධන , විදුලිය සහ ආහාර මිල දැනෙන්න අඩු කරනවා..පාසලකට යාහැකි දුර 3kmක් කරනව..15000ක දීමනාවකුත් දෙනවා.මෙන්න අලුත්ම ආරංචිය..

Anura Kumara Dissanayaka Sri Lanka Politician Sri Lanka Presidential Election 2024
By Aruna Aug 26, 2024 04:47 AM GMT
Aruna

Aruna

Report

විදුලිබිල, ඉන්ධන හා ආහාර මිල අඩු කිරීම සඳහා සැලසුම් සකස් කර අවසන් බවත් ඒ අනුව ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් පත්වී ඉතා කෙටි කාලයක් තුළ විදුලි බිල, ඉන්ධන හා ආහාර මිල අඩු කරන බවත් ජාතික ජනබලවේගයේ නායක, එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මේ අනුව, විදුලි බිල තුනෙන් එකකින් අඩු කළ හැකි බවයි දිසානායක මහතා ප්‍රකාශ කළේ. ආර්ථිකය ගොඩනගා එහි ප්‍රතිලාභ ජනතාවට ගලාගෙන එනතෙක් ජනතාවට සහන ලබාදීමේ වැඩ පිළිවෙළක් සකස් කර අවසන් බවද අනුර කුමාර මහතා කියා සිටියා.

ජංගම දුරකතන භාවිතා කිරීම ගැන අනතුරුදායක දැනුම්දීමක්..සියලුම දෙමාපියන් මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න.

ජංගම දුරකතන භාවිතා කිරීම ගැන අනතුරුදායක දැනුම්දීමක්..සියලුම දෙමාපියන් මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න.


ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (25දා) කොළඹදී පැවති ජාතික ජනබලවේගයේ ජාතික කාන්තා සමුළුව අමතමින්.

පාසල් පද්ධතිය තුළ ඇති විෂමතාව ඉවත් කර, සෑම දරුවෙකුටම අධ්‍යාපන ලැබිය හැකි ලෙස පාසල් පද්ධතිය සංවර්ධනය කරන බවත්, ඒ අනුව පාසලක් සඳහා දරුවෙකුට යා හැකි උපරිම දුර කිලෝමීටර් 3ක් බවට පත් කරන බවයි, එහිදී අදහස් දක්වමින් දිසානායක මහතා ප්‍රකාශ කළේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

” අම්මලා උදේ නැගිටලා, දරුවට අන්දලා, කවලා පාසල් වෑන් රථයට පටවන එක අපි නතර කරනවා.

වෑන් එකට නගිනවා නෙමෙයි පටවනවා. වෑන් එකට නගිනකොටත් නිදි බහින කොටත් නිදි. මොන ජීවිතයක්ද මේ.

රට පුරා සියලුම පාසල් වලට අද විශේෂ වෙයි..හේතුව මෙන්න..

රට පුරා සියලුම පාසල් වලට අද විශේෂ වෙයි..හේතුව මෙන්න..


අපි පාසල් පද්ධතිය තුළ ඇති වී තිබෙන විෂමතාව ඉවත් කර සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලැබිය හැකි ලෙස පාසල් සංවර්ධනය කරනවා.

දරුවෙකුට පාසලක් සඳහා යා හැකි උපරිම දුර කිලෝමීටර් 3යි. ආර්ථිකයේ කොටස අපි විසඳන්නම ඕන. අපේ රට දුප්පත්, ආණ්ඩුවක් විදියට ගත්තත් මේ රටේ ආණ්ඩුව ඉතාම දුප්පත්, වැටුප් ගෙවාගන්න විදියක් නෑ.

අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගේන්න බෑ. ණය ගෙවාගන්න බෑ. ඒ ආර්ථික අර්බුදය ඔබේ කුස්සියටත් බලපානවා.

රට පෝසත් වුණාම ආණ්ඩුව පෝසත් වෙනවා, ආණ්ඩුව පෝසත් වුණාම රටේ මිනිස්සු පෝසත් වෙනවා. මේ රට ගොඩගන්න කල් අපි ජනතාවට ආහාර දෙන්න ඕන.

රට ගොඩනගලා ඒකේ ප්‍රතිලාභ ගලාගෙන වනකල් ගෙදර උයන්න එපා කියන්න අපිට බෑනේ. රට සංවර්ධනය වෙනකල් බෙහෙත් ටික ගන්න ඉන්න කියන්න බෑනේ.

ඒ නිසා ආහාර ගන්න අසමත්, බෙහෙත් ගන්න අසමත්, දරුවන්ට උගන්වන්න අසමත් පවුල් ඉන්නවා නම් ඒ පවුලකට රට ගොඩගන්න කල් අවම රුපියල් 10,000ක දීමනාවක් ලබා දෙනවා.

අද බැංකු ගිණුම් විශාල ප්‍රමාණයකට කරන්න යන දේ..සියලු තොරතුරු හෙළිකරන්න යයි.

අද බැංකු ගිණුම් විශාල ප්‍රමාණයකට කරන්න යන දේ..සියලු තොරතුරු හෙළිකරන්න යයි.


ගොඩක් අපහසුතා වැඩි නම් 15,000ක් ලබා දෙනවා. රට හදනකල් අපි ඒ අයට ශක්තියක් වෙන්න සූදානම්.

ව්‍යවසායිකාවන් වීමට කැමති කාන්තාවන් සඳහා තමන්ගේ ව්‍යාපාර යෝජනාව ඉදිරිපත් කළ පසු, ඒ පිළිබදව ශක්‍යතා අධ්‍යයනයක් කර එම ව්‍යාපාරයේ සාර්ථකත්වය පිළිබඳව පූර්ණ නියාමනයකට එළඹීමෙන් පසු ආණ්ඩුව විසින් බැංකුවට ඇප වෙනවා ඇයට මෙම ණය මුදල ලබා ගැනීම සඳහා.

එහිදී දේපළ ඇපයක් හෝ වෙනත් උගසක් තැබිය යුතු නෑ.”