‘සැමියාගේ කුඩු බිස්නස් එක මං දන්නෑ’ මාලිමා මන්ත්රිනි කට අරී
අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගන්නා ලද එප්පාවල කට්ටියාව ප්රදේශයේ විදුහල්පතිවරයාගේ බිරිඳ වන ජාතික ජන බලවේග පෑලියගොඩ නාගරික මන්ත්රිනී දිස්නා නෙරන්ජලා විසින් ප්රකාශයක් ලබාදී ඇත.
ඒ සඳහා ඇය ඊයේ දිනයේ එම කොට්ඨාසය හමුවේ පෙනී සිටි අතර අදාළ ප්රකාශයේදී ඇය සඳහන් කර ඇත්තේ තමන් මෙම ජාවාරම සම්බන්ධයෙන් දැනුවත්ව සිටියේ නැති බවය.
එමෙන්ම ප්රකාශය ලබාදීමෙන් අනතුරුව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයෙන් ඇය පොලිසියෙන් පිටත් වූවාය.