සැප වාහන වෙන්දේසියෙන් අනුර ගොඩ

Report

ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන අලෙවිකිරීමේ දෙවන අදියර යටතේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත්කර ඇති වාහන 26ක් අලෙවි කිරීමට අදාළ වෙන්දේසිය අද (15) පැවැත්විණි. හිටපු මැතිඇමැතිවරුන් හා හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (01) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබූ වාහන 26ක් මෙහිදී වෙන්දේසි කර තිබුණි.

කට වරද්ද ගත්තු තුසිත හල්ලොලුව, අද CIDයට

කට වරද්ද ගත්තු තුසිත හල්ලොලුව, අද CIDයට

ඉන් 17ක්ම අද දිනයේදී අලෙවි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. BMW මෝටර් රථයක්, Ford Everest රථ 02ක්, Hyundai Terracan රථයක්, Land Rover Discovery රථ 02ක්, Mitsubishi Montero රථයක්, Nissan පෙට්‍රල් රථ 03ක්, Nissan වර්ගයේ මෝටර් කාර් 02ක්, Porsche Cayenne මෝටර් රථයක්, SsangYong Rexton වර්ගයේ ජීප් රථ 05ක්, Land Cruiser Sahara වර්ගයේ රථයක්, V 08 රථ 06ක් සහ Mitsubishi Rosa වර්ගයේ වායු සමීකරණය කළ බස් රථයක් අද වෙන්දේසියට ඉදිරිපත් කර තිබිණි.

රජයේ වියදම් කපාහැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙලෙස ජනාධිපති කාර්යාලය සතු වාහන අලෙවිකිරීම සිදුවේ. මෙම වාහන මිලදී ගැනීම සඳහා ව්‍යාපාරිකයන් 108 දෙනෙකු පමණ එක්ව ඇති අතර, ඒ හේතුවෙන් වාහන සඳහා විශාල ඉල්ලුමක් ඇති වී ඇත. ඒ අනුව අද පැවති වෙන්දේසියේදී වාහන අලෙවිකිරීමෙන් රුපියල් මිලියන 200ක් ඉක්මවූ මුදලක් උපයාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

තවත් අනතුරක්, එක් අයෙක් ජීවිතක්ෂයට

තවත් අනතුරක්, එක් අයෙක් ජීවිතක්ෂයට