ජනපති අනුර විදෙස් සංචාරයකට සූදානම් වේ

Report

රටවල් දෙක අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන ජූලි මස 16 වනදා ප්‍රංශයේ විශේෂ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයාගේ මෙම සුවිශේෂී විදේශ සංචාරය අතරතුරදී ලෝකයේ ප්‍රමුඛතම සහ විශාලතම නාවික ප්‍රවාහන සමාගමක් වන  CMA CGM ආයතනයේ ගරු සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී රොඩොල්ෆ් සාදේ මහතා සමඟ විශේෂ ද්විපාර්ශ්වික හමුවක් පවත්වා සාකච්ඡා කිරීමට ද නියමිතව ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් මහතා නිල වශයෙන් ප්‍රකාශ කළේය.

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් - නව පනතක් එයි - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ වසරේ සිට අහෝසියි

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් - නව පනතක් එයි - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ වසරේ සිට අහෝසියි

වත්මන් ශ්‍රී ලංකාවේ පවතින සුදුසු ආයෝජන පරිසරය හේතුවෙන් ප්‍රංශයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සහ ප්‍රංශ ආයෝජකයින් විශාල පිරිසක් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගෙන නව ව්‍යාපෘති ආරම්භ කිරීමට තමන් ඉතාමත් දැඩි උනන්දුවකින් පසුවන බව ද තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ ප්‍රංශ තානාපතිවරයා ප්‍රමුඛ ප්‍රංශයේ ප්‍රධාන පෙළේ ප්‍රබල ආයෝජකයින් කණ්ඩායමක් අතර අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද දින පැවැත්වුණු විශේෂ සාකච්ඡාවකදී මෙම වැදගත් කරුණු සියල්ලම නිල වශයෙන් අනාවරණය විය.

ලසන්තව මැරුවා තාජුඩීන් මැරුවා පාස්කු වලට ගැහුවා අංක තහඩු නැති සුදු වෑන් වලින් ඇවිත් පැහැරගැනීම් කරා - මේ අයට දඬුවම් කරන්න ඕනේ නැද්ද? හදිසියේම ජනපති පාර්ලිමේන්තුව පැමිණ සභාව අමතයි

ලසන්තව මැරුවා තාජුඩීන් මැරුවා පාස්කු වලට ගැහුවා අංක තහඩු නැති සුදු වෑන් වලින් ඇවිත් පැහැරගැනීම් කරා - මේ අයට දඬුවම් කරන්න ඕනේ නැද්ද? හදිසියේම ජනපති පාර්ලිමේන්තුව පැමිණ සභාව අමතයි