ලසන්තව මැරුවා තාජුඩීන් මැරුවා පාස්කු වලට ගැහුවා අංක තහඩු නැති සුදු වෑන් වලින් ඇවිත් පැහැරගැනීම් කරා - මේ අයට දඬුවම් කරන්න ඕනේ නැද්ද? හදිසියේම ජනපති පාර්ලිමේන්තුව පැමිණ සභාව අමතයි

Report

අද (25) රැස්‌ වූ පාර්ලිමේන්තුවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණි අතර විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීම හා සංවිධාන අපරාධකල්ලි යන ගැටලුවට පිළිබඳව ඔහුගේ කතාව සිදු කළේය.

එහිදී ඔහු පවසා සිටියේ,

අපේ විවාදයට ගනු ලබන විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම හා සංවිධානාත්මක අපරාධ මැඩලීම පිළිබඳව ඉදිරිපත් කර තිබෙන යෝජනාව පිළිබඳව කරුණු කීපයක් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා. අප දන්නවා රටේ විෂ මත්ද්‍රව්‍ය සංවිධානාත්මක අපරාධ කල්හි දීර්ඝ කාලයක් වර්ධනය වෙමින් සමාජය යම් ප්‍රමාණයකට තැතිගැන්මට ලක් කරමින් ඉන්නවා. අනිත් පැත්තේ විෂ මත් ද්‍රව්‍ය වලින් සමාජය විශාල ලෙස විනාශයට පත් කරමින් තිබෙන මොහොතක්. අපි හැම දෙනාගේම කාර්යභාරය සහ වගකීම වෙනවා විෂ ද්‍රව්‍ය මුළුමනින්ම තුරන් කිරීම සඳහා සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා අවශ්‍ය වන දායකත්වය සහ මෙහෙයවිම වීම ලබා දීම. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ.

මේ විෂ මත් ද්‍රව්‍ය පාතාල සංවිධාන අපරාධ කල්ලි බිහිවීම සහ වර්ධනය ඒ දෙක මත පමණක් පදනම් වූ වර්ධනය වූ දෙයක් නොවේයි. ඒකට ඉතාමත් පැහැදිලි සබඳතා ජාලයක් තිබෙනවා. අපි මේ විස මත් ද්‍රව්‍යයත් මේ සංවිධාන අපරාධ කල්ලි මැඩ පවත්වන නම් ඒ සමස්ත ක්ෂේත්‍රය පිළිබඳ අපි අවධානයෙන් කරන්න ඕන. සංවිධානත් අපරාධ කල්ලි කුඩු ව්‍යාපාරිකයන් රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරිය පුරා පැතිරී තිබුණ දූෂණය ඒ වගේම රාජ්‍යය ඇතුළට ඇවිල්ල තිබුණු පරාරාජ්‍ය යම් ප්‍රමාණයක ගත්තොත් දේශපාලන උවමනාව වෙනුවෙන් කටයුතු කරපු සංවිධාන රාජ්‍ය ඇතුළේ ඉදන් ඒ වගේම දේශපාලනයේ. මේ සියල්ල මැඩ පැවැත්වෙමින් තමයි මේ අපිට අවසන් කළ හැකි වන්නේ. ඒ නිසා හුදු මත්ද්‍රව්‍ය ඇල්ලීම සඳහා කරන වැටලීම් පාතාල ඇල්ලීම සඳහා කරන වැටලීම් පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ.

දිගු කාලයක් අපේ රට මා කලින් කියපු කරුණුවල විශාලතම බරපතල මැදිහත් වීම හරහා තමයි මේ මේ දක්වා වර්ධනය වුණේ. දැන් අපි තීරණයක් අරන් තියෙනවා මේ සියල්ල විනාස කරන්න. එහිදී මා දන්නවා මේ කාර්යභාරයට උරදෙන කණ්ඩායමක් ඉන්නවා. අවාසනාවකට අද විපක්ෂය ප්‍රධාන චෝදිතයන් බවට පත්වී තිබෙන්නේ එම කණ්ඩායම. මේ දූෂණය සංවිධාන අපරාධ කල්ලි කුඩු ව්‍යාපාරිකයින් රාජ්‍ය දේහයෙන් ක්‍රියාත්මක වුණු අපරාධය දේශපාලනය මේ සියල්ල මැඩපැවැත්විය යුතුයි. මේ සඳහාද අපේ රටේ නීති සම්පාදනය වෙලා තිබෙනවා. රාජ්‍ය ආයතන තිබෙනවා. ආයතන තිබුණට වැඩක් නැහැ ඒ ආයතනට ඍජු නායකත්වය දීලා පරාජය සමත්වෙන රාජ්‍ය නිලධාරින් අවශ්‍යයි. හැබැයි අද අවාසනාවකට එම විශාල කාර්යභාරයට උරදී තිබෙන කණ්ඩායම තමයි අද විපක්ෂයේ සතුරන් සහ ගොදුරු බවට පත්වී තිබෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මැතිතුමා විශාල කාර්යයක් කරනවා.

අද ඔහු විපක්ෂය සතුරෙක්. මෙම කාර්යයේදී අල්ලස් දූෂණ විමර්ශන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා රංග දිසානක මහතමයා විශාල කාර්යභාරයක් කරනවා. ඔහු විපක්ෂය සතුරෙක්. මෙම කාර්යභාරයේදී මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්තුමා රවී සෙනෙවිරත්න මැතිතුමා උදව් කරනවා ,අමාත්‍යාංශයේ අමාත්‍යතුමා ආනන්ද විජේපාල මැතිතුම විශාල නායකත්වයක් ලබා දෙනවා විපක්ෂයේ සතුරෙක් නීතිපති දෙපාර්තමේන්තුවේ දිලිපි පිරිස් මැතිතුමා විශාල කාර්යභාරයක් කරනවා අද විපක්ෂය සතුරෙක්. සාධාරණය විපක්ෂයට ඔරොත්තු දෙන්නේ නෑ . අපි අපරාධකරුවන්ට දඬුවම් කල යුතු නැද්ද?

දේශපාලනය ශිෂ්ට කල යුතුයි. අපරාධකරුවන්ට දඬුවම් දෙන්න මේ ආණ්ඩුව පැකිලෙන්නෑ. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුණේ කොහොමද? එය සිවිල් පුරවැසි ගැටුමක් නෙමෙයි. ආණ්ඩුවට එරෙහි මාධ්‍යවේදියෙක් ඝාතනය කරනවා.කිත්යාර් පැහැරගෙන ගිහින් පහර දෙනවා. රඳවාගෙන ඉන්නේ හමුදාවේ ආරක්ෂක නිවසක කියලා වාර්තා වෙනවා.මේවා සිවිල් ගැටුම් නෙමෙයි.තමන්ගේ දේශපාලන බලකඳවුරු වෙනුවෙන් කරන ඝාතන.තාජුදීන්ගේ මරණයත් එහෙමයි පාස්කු ප්‍රහාරයත් එහෙමයි.සිරසට ගිනි තියනවා.ඉරු දින කාර්යාලයට ගිනි තියනවා. සියතට බෝම්බ ගහනවා.මෙහෙම ඉතිහාසයක් තියෙනවා.මේවා හෙළිකරන්න ඕනේ.අංක තහඩු නැති සුදු වෑන් බියක් තිබ්බේ නැද්ද?රටේ පැවැත්ම හා ජනතාවගේ ආරක්ෂාව අපි ආරක්ෂා කල යුතුයි.