එකක දඬුවම් ඉවර වෙන්නත් කළින් උතුරු මැද හිටපු මහ ඇමතිට තවත් නඩුවක් - අප්‍රේල් 02 කැඳවයි

Report

අල්ලස් පනත යටතේ "දූෂණය" නමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් මේ වනවට සිර දඬුවම් නියම වී සිටින උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත්ට එරෙහිව අල්ලස් කොමිසම මඟින් ගොනුකර ඇති තවත් නඩුවක් විභාගය වෙනුවෙන් අප්‍රේල් මස 02 වන දින කැඳවන මෙන් කොළඹ මහාධිකරණය නියම ක‍ර ඇත.

ඒ අනුව අඳාළ නඩුව අද(18) දින කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැදවා තිබුණි.

එම අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අදාළ නඩුව අප්‍රේල් මස 02 වන දින විභාගයට කැඳවන ලෙස නියෝග කළ අතර එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කර ඇත.

සමන් ඒකනායක අද අධිකරණයට

සමන් ඒකනායක අද අධිකරණයට

2012 වසරේ සැප්තැම්බර් මස 27 වැනිදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා අතර කාලසීමාව තුළ උතුරුමැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් වැටුප සමඟ ඉන්ධන දීමනාවක් ලබා දී තිබියදී නීති විරෝධී ආකාරයට ඉන්ධන ලබා ගැනීම තුළින් රජයට පාඩුවක් සිදුකොට දූෂණය නැමති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්ට එරෙහිව අල්ලස් කොමිසම මඟින් අඳාළ නඩුව ගොනු කර ඇත.

ඊට අමතරව තවත් දූෂණ චෝදනාවකට වරදකරු කෙරුණු හිටපු උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්ට මෑතකදී කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 16 ක සිර දඬුවම් නියම කර ඇත.

අනුර ඉල්ලා අස් වෙන්න හේතු කියයි - ඒවා බොරු ඇත්ත කියන්නැයි විපක්ෂය යකා නටයි

අනුර ඉල්ලා අස් වෙන්න හේතු කියයි - ඒවා බොරු ඇත්ත කියන්නැයි විපක්ෂය යකා නටයි

ලංකාවට T20 ලෝක කුසලානේ දිනන්න නම් තරග ඉවර වෙනකල් ලසිත් මාලිංග අවශ්‍යයි - සාකච්ඡා

ලංකාවට T20 ලෝක කුසලානේ දිනන්න නම් තරග ඉවර වෙනකල් ලසිත් මාලිංග අවශ්‍යයි - සාකච්ඡා