කච්චතිව් අයිති ලංකාවටමයි - මහා මංගල්‍යයට ජන ගඟක් පිරෙයි

Report

යාපනය කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ වාර්ෂික මහා මංගල්‍යය මෙවරත් අති සාර්ථක ආකාරයට විශාල ජන සහභාගීත්වයකින් පවත්වා ඇත. පසුගිය වසරේ මංගල්‍යය සඳහා බැතිමතුන් 8000ක් සහභාගී වු අතර මෙවර මංගල්‍යයට බැතිමතුන් 13,800ක් සහභාගි වි ඇති බව සඳහන්.

එසේම ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ බැතිමතුන් මේ වෙනුවෙන් සහභාගී වන අතර මෙවර ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මංගල්‍යයට සහභාගි වීම ද විශේෂත්වයක් විය.

එසේම කච්චතිව් දූපත නිශ්චිතවම ශ්‍රී ලංකාවට අයිති භූමියක් බවට ප්‍රධාන දේව මෙහෙය පැවැත්වු පූජකතුමා සඳහන් කර තිබෙනවා.

එසේම මෙම දේවමංගල්‍යය ඊයේ (27) දින ආරම්භ වූ අතර අද (28) දින පෙරවරුවේ දී දිව්‍ය පූජා යාගය පවත්වා ඇත.

සුළු මොහොතකට පෙර ශ්‍රීලංකන් වෙතින් තවත් නිවේදනයක් - සියලුම මැදපෙරදිග ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

සුළු මොහොතකට පෙර ශ්‍රීලංකන් වෙතින් තවත් නිවේදනයක් - සියලුම මැදපෙරදිග ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

එය යාපනය රදගුරු ජෙබරත්නම් ජස්ටින් ඥානප්‍රගාසම් හිමිපාණන්ගේ ප්‍රදානත්වයෙන් සිදුවිය.

මෙම අවස්ථාවට අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා ඇතුලු ආරාධිතයන් පිරිසක් ද එක්ව සිටියා.

කෙසේ වෙතත් කච්චතිව් දූපතේ පැවැත්වෙන වාර්ෂික මංගල්‍යයට දිගු ඉතිහාසයක් පවතී.

අතීතයේ කච්චතිව් දූපතේ අයිතිය පිළිබඳව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන මත ගැටුම් ඇති වුණත් එහි අයිතිය 1974 දී ශ්‍රී ලංකාවට හිමි විය.

එවැනි පසුබිමක් තුළ එම දූපතේ වාර්ෂිකව පැවැත්වෙන මෙම මංගල්‍යය සැමරීමට දෙරටේම ජනතාව එක්වීම ද විශේෂත්වයක් ගනී.

ශ්‍රී ලාංකීකයන් පිරිසක් සිටි නගරයකටත් ප්‍රහාරයක් - මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකීකයන්ට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලාංකීකයන් පිරිසක් සිටි නගරයකටත් ප්‍රහාරයක් - මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකීකයන්ට විශේෂ දැනුම්දීමක්

ඉකුත් වසරවල්වල දී ඉන්දියාවේ සිට පැමිණෙන බැතිමතුන් ගණන වැඩිවුවත් මේ වසරේ දී දේශීය බැතිමතුන් වැඩි පිරිසක් මේ සඳහා එක්ව තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව 9000ක් පමණ දේශීය බැතිමතුන් මෙම මංගල්‍යයට සහභාගීව සිටියා. එසේම මෙරට මාධ්‍ය ආයතන 40ක් මෙන්ම ඉන්දීය මාධ්‍ය ආයතන 20ක් ද මාධ්‍ය ආවරණය සඳහා එක්ව සිටි අතර දෙස් විදෙස් බැතිමතුන් සඳහා සියලු පහසුකම් ලබාදීමට නාවික හමුදාව කටයුතු කළා.

එසේම මෙම උත්සවයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා සඳහන් කළේ කිසිලෙසකත් කච්චතිව් දූපත වෙනත් පාර්ශවයකට පැවරීමක් සිදුනොකරන බවයි.

ඩුබායි, කුවේට් හා බහරේන් වලට ප්‍රහාර - ඇමරිකානු හමුදාවටත් ප්‍රහාර - සියලු ගුවන් කලාප වසා දමයි

ඩුබායි, කුවේට් හා බහරේන් වලට ප්‍රහාර - ඇමරිකානු හමුදාවටත් ප්‍රහාර - සියලු ගුවන් කලාප වසා දමයි

සෑම පුරවැසියෙකුටම සුබ ආරංචියක් - ආයේ රස්තියාදු වෙන්න ඕනේ නෑ සියලු රාජ්‍ය සේවාවන් එක්තැනකින්

සෑම පුරවැසියෙකුටම සුබ ආරංචියක් - ආයේ රස්තියාදු වෙන්න ඕනේ නෑ සියලු රාජ්‍ය සේවාවන් එක්තැනකින්