උසස් පෙළ ප්‍රතිපල ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පසුගිය වර්ෂයේ පැවැති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව පැවසුමේ මේ වන විට එම ප්‍රතිඵල සම්බන්ධව පළවන මාධ්‍ය වාර්තා සාවද්‍ය බවයි.
එම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධව මේ වන තෙක් විභාග දෙපාර්තමේන්තුව කිසිඳු නිවේදනයක් නිකුත් කර නොමැති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.
ඒ අනුව විවිධ මාධ්‍ය ඔස්සේ එම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධව පළවන සාවද්‍ය පුවත්වලට නොවරැවටෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
TRENDING NEWS