ඔයත් අව්වේ යනවද? එහෙනම් මේක අනිවාර්යෙන්ම බලන්න

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්  දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා

ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ, සබරගමුව පළාත් සහ ත්‍රිකුණාමලය, මඩකළපුව, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා පැමිණ ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම මෙන්ම සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එසේම වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් දන්වා තිබෙනවා.

ඒ අතරම සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබෙනවා.

දේශබන්දුට බෝගම්බරත් නිවනක් නෑ.. CID දීර්ඝ ප‍්‍රශ්ණ කිරීම්..

දේශබන්දුට බෝගම්බරත් නිවනක් නෑ.. CID දීර්ඝ ප‍්‍රශ්ණ කිරීම්..

උසස් පෙළ ප්‍රතිපල ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

උසස් පෙළ ප්‍රතිපල ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

මෙන්න පාසල් ළමුන්ට ලැබුණු සුබම සුබ ආරංචිය

මෙන්න පාසල් ළමුන්ට ලැබුණු සුබම සුබ ආරංචිය