හදිසි කැබිනට් සංශෝධනයෙන් අද බිමල්ගේ ඇමති පට්ටමට ඇත්තටම මොකද කළේ කියන අනිල්
මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා විසින් ඇමතිවරුන් කිසිවෙකුගේ ධූරයන් ඉවත් කිරීමක් සිදුකර නොමැති බව ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු පැවසුවේ රජයේ අරමුණු කරා යාමට වඩාත් උචිත ආකාරයට විෂයන් මාරු කිරීමක් පමණක් සිදුකර ඇති බවයි.
එනිසා බිමල් රත්නායක මහතාට තිබූ වගකීමට වඩා වැඩි වගකීම් පැවරී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
ඔහු මේ අදහස් දක්වා සිටියේ බිමල් රත්නායක මහතාගෙන් වරාය හා සිවිල් ගුවන් සේවා විෂයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී විමසූ පැනයකට පිළිතුරු වශයෙන්.
කෙසේ වෙතත් අද (10) දිනයේ හදිසි අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කර තිබෙනවා.
ඒ අනුව වාර්තා වූයේ 2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම සඳහා මෙසේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ආණ්ඩුව තීරණය කළ බවයි.
එනිසා අද උදෑසන ජනාධිපති කාර්යාලයේදී නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට කටයුතු කර තිබුණා.
එහිදී බිමල් නිරෝෂන් රත්නායක මහතා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් දිවුරුම් දී ඇත.