උණුසුම් තත්ත්වයක් - විරෝධතාවය විසඳන්න ආ සජබ ලොක්කෙක් සහ මාලිමා මන්ත්‍රීවරයෙක් පැටලෙයි

Report

අඹන්ගඟකෝරලේ ප්‍රදේශවාසීන් අද (08) දින රත්තොට ගම්මඩුව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූ බව වාර්තා වේ.

ඒ දිට්වා ආපදාව හේතුවෙන් අඹන්ගඟකෝරලේ කොහිලවත්ත පාලම කැඩී ගොස් මාස 7ක් ගතවී ඇතත් එය නවීකරණය කිරීමට රජය මෙතෙක් ක්‍රියා නොකිරීමට එරෙහිව බව සඳහන්. එමෙන්ම මෙම පාලම කැඩීයාමෙන් ගම්මාන හයක පවුල් 800ක පමණ පිරිසක් පීඩාවට පත්ව ඇති බව සඳහන්.

මේ අතර විරෝධතාවය පැවති ස්ථානයට ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා හා අඹන්ගඟකෝරලේ ප්‍රාදේශීය සභාවේ සභාපති එම් ස්වර්ණකුමාර මහතා පැමිණ තිබෙනවා.

සලේ වෙනුවෙන් අද ඉඳන් විපක්ෂය කොළඹ කරන්න යන දේ - රටේම අවධානය

සලේ වෙනුවෙන් අද ඉඳන් විපක්ෂය කොළඹ කරන්න යන දේ - රටේම අවධානය

එම අවස්ථාවේදී පාලම ඉදිකිරීම සඳහා මුදල් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කිරීමත් සමඟ ඔවුන් දෙදෙනා අතර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන බව සඳහන්.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමරි අතපත්තු මහත්මියට දුරකථන ඇමතුමක් ලබාදී මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කර තිබෙන අතර ඒ අනුව සතියක් ඇතුළත පාලම නවීකරණය කිරීමට එකඟ වීමත් සමග මෙම විරෝධතාකරුවන් පිරිස විසිර ගොස් ඇති බව පවසයි.

මටයි මගේ දරුවන්ටයි දුර ඉඳන් බලන්න දුන්නා..එයාට මානසික සහය ඕනේ උදව් කරන්නැයි ඉල්ලා සලේගේ බිරිඳගෙන් ශානිට ලිපියක්

මටයි මගේ දරුවන්ටයි දුර ඉඳන් බලන්න දුන්නා..එයාට මානසික සහය ඕනේ උදව් කරන්නැයි ඉල්ලා සලේගේ බිරිඳගෙන් ශානිට ලිපියක්

වාහන ආනයනයේ අඩුවීමක් වෙලාද ? රේගුවෙන් හෙළිදරව්වක්

වාහන ආනයනයේ අඩුවීමක් වෙලාද ? රේගුවෙන් හෙළිදරව්වක්