වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ දීමනාවක් කපා හරී.- හදිසියේම ගත් තීරණය මෙන්න.

Sri Lanka Army Anura Kumara Dissanayaka Ministry of Defense Sri Lanka Sri Lanka Air Force AKD
By Wayomi Sep 29, 2024 04:12 AM GMT
Wayomi

Wayomi

Report

වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාමික ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට ගෙවන ලද පෙලඹවීමේ දීමනාව (motivation allowance) ආරක්ෂක අමාත්‍යාංශය විසින් කපා හැර තිබෙනවා.

ප්‍රභූවරයා යම් කාර්යයක නිරතව සිටින තුරා ප්‍රභූ ආරක්ෂකයන්ට සේවය නිම කිරීමට නිශ්චිත වේලාවක් නැති වීම හේතුවෙන් මෙම දීමනාව ගෙවනු ලැබූ අතර ප්‍රභූ ආරක්ෂකයකු ලක්ෂයක මූලික වැටුපක් ලබන්නේ නම් ඔහුට රුපියල් 32,000 පමණ පෙලඹවීම් දීමනාවක් ලබා දී තිබෙනවා.

ලෝකයේ ඉන්ධන මිල අඩුවෙද්දී - පළමු වරට ජනපති අනුර මිල සංශෝධනයට කරන්නයි හදන්නේ. - දිනය මෙන්න.

ලෝකයේ ඉන්ධන මිල අඩුවෙද්දී - පළමු වරට ජනපති අනුර මිල සංශෝධනයට කරන්නයි හදන්නේ. - දිනය මෙන්න.


ඒ, අනුව මෙම දීමනාව මින් ඉදිරියට හිමිවන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටින නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට පමණි.

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා දුන් උපදෙස් අනුව සැප්තැම්බර් 22 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ප්‍රභූ ආරක්ෂාවේ යෙදී සිටි අනෙකුත් ත්‍රිවිධ හමුදා නිලධාරින් හා සෙසු නිලයන් හට ගෙවන ලද පෙලඹවීමේ දීමනාව වහාම කපා හැරීමේ තීරණය ගෙන තිබෙනවා.

ජනපති අනුරත් ජීවිත අනතුරක.? - පාර රාජ්‍යය භීෂණය පිටුපස බුද්ධි අංශත්. - ගෝඨා ගේ රහස් සම්බන්ධතාවයත් හෙළි වෙයි. - (VIDEO)

ජනපති අනුරත් ජීවිත අනතුරක.? - පාර රාජ්‍යය භීෂණය පිටුපස බුද්ධි අංශත්. - ගෝඨා ගේ රහස් සම්බන්ධතාවයත් හෙළි වෙයි. - (VIDEO)


ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරාල් පී. වෙලගෙදර විසින් මෙම නියෝගය ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත යොමුකර ඇත.

එමෙන්ම විශ්‍රාමික ජනාධිපතිවරු දෙදෙනකුගේ ආරක්ෂාව සඳහා සහ නිවෙස්වල වැඩකටයුතු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ 500ක පමණ භට පිරිසක් ලබා දී ඇති බව ද ආරක්ෂක අමත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.

2025 අයවැය පාර්ලිමේන්තුවට.- රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සහ වාහන ආනයනය ගැනත් විශේෂ තීරණයක්.

2025 අයවැය පාර්ලිමේන්තුවට.- රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සහ වාහන ආනයනය ගැනත් විශේෂ තීරණයක්.


මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ව සිටි ජෙනරාල් කමල් ගුණරත්නට දී තිබූ කමොන්ඩෝ ආරක්ෂාව වහාම ඉත්කර ඇත.

එමෙන්ම හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ ආරක්ෂාවට යොදවා සිටි කොමාන්ඩෝ සෙබළුන්ට යළි කඳවුරු බලා යන ලෙස ඔහු උපදෙස් දී තිබෙනවා.

දැන් ඉතින් ජනපති අනුරගේ පිහිට තමයි. - මෙච්චර කාලයක් රටේ සල්ලි වලට වෙච්ච දේ දැනගෙන හිටියේ නෑ නේද? - මෙන්න වෙලා තියෙන දේ.

දැන් ඉතින් ජනපති අනුරගේ පිහිට තමයි. - මෙච්චර කාලයක් රටේ සල්ලි වලට වෙච්ච දේ දැනගෙන හිටියේ නෑ නේද? - මෙන්න වෙලා තියෙන දේ.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%