දැන් ඉතින් ජනපති අනුරගේ පිහිට තමයි. - මෙච්චර කාලයක් රටේ සල්ලි වලට වෙච්ච දේ දැනගෙන හිටියේ නෑ නේද? - මෙන්න වෙලා තියෙන දේ.

Anura Kumara Dissanayaka Gotabaya Rajapaksa Mahinda Rajapaksa Department of Pensions AKD
By Wayomi Sep 29, 2024 03:27 AM GMT
Wayomi

Wayomi

Report

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාගේ නඩත්තු කිරීම සඳහා වසර තුනකදී(2022-2024) රුපියල් කෝටි 27 ක් පමණ වැය කර ඇති බව මහ බැංකු වාර්තාවල සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසා තිබෙනවා.

ඒ, අනුව මෙම පිරිස නඩත්තුවට පසුගිය 2022 වර්ෂයේ දී වැය කර ඇති මුදල රුපියල් කෝටි 7කි. 2023 වර්ෂයේදී එය කෝටි අටකට වැඩි මුදලක් දක්වාද මේ වසර වනවිට එය කෝටි 11කට වැඩි මුදලක් දක්වාද වර්ධනය වී ඇති බව ද ඔහු පවසා ඇත.

ලෝකයේ ඉන්ධන මිල අඩුවෙද්දී - පළමු වරට ජනපති අනුර මිල සංශෝධනයට කරන්නයි හදන්නේ. - දිනය මෙන්න.

ලෝකයේ ඉන්ධන මිල අඩුවෙද්දී - පළමු වරට ජනපති අනුර මිල සංශෝධනයට කරන්නයි හදන්නේ. - දිනය මෙන්න.


මෙම හිටපු ජනාධිපතිවරුන්ට සහ හිටපු ජනාධිපති ආර්යාවට වෙන්කර ඇති මුදල් ප්‍රමාණයේ සියයට 45 ක පමණ වර්ධනයක් පෙන්නුම් කරන බවද මහාචාර්යවරයාපෙන්වා දී තිබෙනවා.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට මේ වසරේදී රුපියල් එක්කෝටි පනස් හය ලක්ෂ හැත්තෑ දහසක මුදලක් වෙන්කර ඇත. හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සීරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් දෙකෝටි අනූ එක් ලක්ෂ හැත්තෑ දහසක මුදලක් බැගින් වෙන් කර ඇති අතර, මහාචාර්යවරයා පවසන අන්දමට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ ආර්යාව වන හේමා ප්‍රේමදාසට මේ වසරේ රුපියල් හැට අට ලක්ෂ විසි දහසක මුදලක් වෙන්කර ඇති බව සඳහන්.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට වෙන්කරන ලද මුදලේ සියයට 273ක වැඩිවීමක් පෙන්නුම් කරන බව පවසන අතුකෝරල මහතා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට වෙන්කර ඇති මුදලේ සියයට පනස් හතරක වැඩි වීමක්ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වෙන්කරන ලද මුදලේ සියයට 329ක වර්ධනයක්ද පෙන්නුම් කරන බව සඳහන් කරනවා.

2025 අයවැය පාර්ලිමේන්තුවට.- රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සහ වාහන ආනයනය ගැනත් විශේෂ තීරණයක්.

2025 අයවැය පාර්ලිමේන්තුවට.- රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සහ වාහන ආනයනය ගැනත් විශේෂ තීරණයක්.


හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ ආර්යාව වන හේමා ප්‍රේමදාසයට වෙන්කර ඇති මුදල් වල සියයට101 ක වර්ධනයක් පෙන්නුම් කරන බවද ඔහු ප්‍රකාශ කරනවා.

මේ අතර මේ වසරේ ජනපති ඇතුළු කාර්ය මණ්ඩලය වෙනුවෙන් අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 660කි.

ඒ,අනුව 2022 වර්ෂයේ දී එම වියදම සටහන්ව තිබුණේ කෝටි 273 ක් වශයෙනි. 2022 වර්ෂයේදී එම සංඛ්‍යාව කෝටි 660 ක් දක්වා වැඩි වී ඇත.

මෙහිදී ජනාධිපතිවරුන්ට වෙන් කෙරෙන මුදලේද සියයට 142 ක වැඩිවීමක් පෙන්නුම් කරන බව ඔහු සඳහන් කරනවා.

ජනපති අනුරත් ජීවිත අනතුරක.? - පාර රාජ්‍යය භීෂණය පිටුපස බුද්ධි අංශත්. - ගෝඨා ගේ රහස් සම්බන්ධතාවයත් හෙළි වෙයි. - (VIDEO)

ජනපති අනුරත් ජීවිත අනතුරක.? - පාර රාජ්‍යය භීෂණය පිටුපස බුද්ධි අංශත්. - ගෝඨා ගේ රහස් සම්බන්ධතාවයත් හෙළි වෙයි. - (VIDEO)


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%