ජාතික ජන බලවේගයේ රජය කරන සියලු පත්කිරීම් ගැන දැනුම්දීමක්.. එතකොට රාජ්‍ය සේවකයින්ට මොකක් වෙයි ද?.
ජාතික ජන බලවේග රජය සිදු කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සඳහන් කළේ ය.
ඊයේ (28) දින මහනුවර තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියන් සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඇය මේ බව කියා සිටියේ ය.
එහිදී අග්‍රාමාත්‍යවරිය පැවසුවේ තම රජය යටතේ රාජ්‍ය නිලධාරීන් චෝදනා වලට ලක්වුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නට නොපැකිලෙන බවයි.

අවු, 05 කට පස්සෙ.. අගමැතිනී හරිනි පාසල් ගැන ගත්ත තීරණය ගැන.. අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක් මෙන්න..(PHOTOS)
එමෙන්ම, මහ මැතිවරණය සඳහා හොඳින් සූදානම් විය යුතු අතරම ජනාධිපතිවරණයේදී ලබා දුන් ජයග්‍රහණය තවත් විශිෂ්ට ලෙස ලබාදී රට හදන්න හැකි කණ්ඩායමක් ජනතාව පාර්ලිමේන්තුවට තෝරා එවනු ඇතැයි විශ්වාස කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ ය.