අකුරේගොඩ ඝාතනය ගැන මහේස්ත්‍රාත්වරයට රහස් ප්‍රකාශයක් - පොල්ගස්ඕවිට ඩිලත් සියල්ල වමාරයි

Report

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තුන්දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇති අතර ඔවුන් ද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව වාර්තා වේ.

ඒ අනුව මෙම ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැණුනු සහෝදරයින් දෙදෙනා එළඹෙන මස 4 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස ඊයේ(18) දිනයේදී නියෝග කර තිබුණේ.

එමෙන්ම අඳාළ සැකකරුවන් දෙදෙනා බන්ධානාගරයට රැගෙන යාමට පෙර මහේස්ත්‍රාත්වරයා හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බවට ද ප්‍රකාශ කර ඇත.

එබැවින් මහේස්ත්‍රාත්වරයා ඊට අවසර ලබාදීමෙන් අනතුරුව පැයකට අධික කාලයක් එම රහස් ප්‍රකාශය ලබාදුන් බව වාර්තා විය.

අකුරේගොඩ දී ඝාතනය කළ නීතිඥවරයා මගේ අධ්‍යන කණ්ඩායමේ කෙනෙක් - නාමල්ගෙන් අනාවරණයක්

අකුරේගොඩ දී ඝාතනය කළ නීතිඥවරයා මගේ අධ්‍යන කණ්ඩායමේ කෙනෙක් - නාමල්ගෙන් අනාවරණයක්

මෙසේ බන්ධනාගාර ගත කරන ලද්දේ අතුරුගිරිය රතුවිලවත්ත පැරඩයිස් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන සනෝජ් කෝකිල ලියනාරච්චි සහ නදුන් කවීෂ ලියනාරච්චි නමැති සහෝදරයින් දෙදෙනෙක්.

එසේම අඳාළ සිද්ධියට අත්අඩංගුවට ගෙන පැය 72 ක රැදවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන පොල්ගස්ඕවිට ඩිලා නමැත්තා ද විමර්ශන නිලධාරීන් හමුවේ කරුණු රැසක් පාපොච්චාරණය කර ඇත.

මෙම සිද්ධිය වූ දින මේ වන තෙක් සැඟව සිටින මෝදර නිපුන නමැත්තාගේ පාර්ශවය මඟින් ඩිලා නමැත්තාට ගිනි අවි ලබාදී ඇත්තේ කොටිකාවත්ත ප්‍රදේශයේදීයි.

අනතුරුව මොහු සහ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සහෝදරයින් දෙදෙනා කුලී පදනම මත ලබාගත් මෝටර් රථයෙන් ගිනි අවි සහිත බෑගය ද රැගෙන අකුරේගොඩට පැමිණ ඇත.

අකුරේගොඩ ඝාතනයේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50ක් ඉදිරිපත් වෙයි

අකුරේගොඩ ඝාතනයේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50ක් ඉදිරිපත් වෙයි

එමෙන්ම පස්වරු 3.30 ට අකුරේගොඩට පැමිණි මොවුන් වෙඩි තැබීමට පැමිණි මෝටර් රථයේ සිටි දෙදෙනාට ගිනි අවි ලබාදී ඇති බවට පාපොච්චාරණය කර ඇති බව සඳහන්.

එසේ ගිනි අවි ලබාදීමෙන් පසුව ඩිලා නමැත්තා සහ සැකකාර සහෝදරයින් දෙදෙනා රොබට් ගුණවර්ධන මාවත ඔස්සේ පැමිණ නීතීඥවරයා සහ ඔහුගේ බිරිඳ පැමිණෙන මාර්ගය පිළිබඳව වෙඩික්කරුවන් වෙත ඔත්තු ලබාදී ඇත.

එම අවස්ථාවේදී පොල්ගස්ඕවිට ඩිලා නමැත්තා වෙඩික්කරුවන් වෙත දුරකථන ඇමතුමක් ලබාදී කියා ඇත්තේ 'ඔන්න දැන් එනවා' යනුවෙන්.

මේ අතර පොල්ගස්ඕවිට ඩිලා නමැත්තා ඩුබායි හි සැඟව සිටින මල්වානේ ටුටු සහ මෝදර නිපුණ යන පාතාල සාමාජිකයන්ගේ මිත්‍රයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

අකුරේගොඩ ත්‍රිවිද හමුදා මූලස්ථානයට මීටර් 600ක් පමණ ආසන්නයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ ගාලේදී මෝටර් රථයක් තුළ සිටි නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කර තිබුණේ ඉකුත් 13 වන දිනයි.

රට පුරා ගෑස් හිඟයක් - ගෑස් සමාගම් වෙතින් දැනුම්දීමක්

රට පුරා ගෑස් හිඟයක් - ගෑස් සමාගම් වෙතින් දැනුම්දීමක්