මාධ්‍යවේදීන්ට සුබ ආරංචියක් - අලුත් ගැසට් එකකින් ශිෂ්‍යත්ව වගේම සෞඛ්‍ය රක්ෂණාවරණයකුත්

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා විසින් අද(17) දින පාර්ලිමේන්තුවේදී සියලූම මාධ්‍යවේදීන් සඳහා රජයක් ලෙස ඔවුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවද යන්න විමසා සිටියා.

එයට පිළිතුරු ලෙස ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය සඳහන් කළේ,

පෞද්ගලික අංශයේ මේ වැටුප් ප්‍රශ්න වෙනුවෙන් සියලුම ආයත වෙත ලිපියක් - වැටුප් නොලැබුණොත් කළ යුත්තේ මෙයයි

පෞද්ගලික අංශයේ මේ වැටුප් ප්‍රශ්න වෙනුවෙන් සියලුම ආයත වෙත ලිපියක් - වැටුප් නොලැබුණොත් කළ යුත්තේ මෙයයි

"මේ වන විට කෙටුම්පත් කරල තියෙනවා. ජනමාධ්‍ය වෘත්තිකයන් සඳහා වන වරලත් ආයතනය. ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව හරහා අනුමැතිය ලැබිලා තියෙනවා. මේ වන විට එහි පරිවර්තන කටයුතු සිදුවෙමින් පවතිනවා. ඒක ලැබුණු වහාම ගැසට් කරන්න බලාපොරොත්තු වෙනවා. මේක ඇත්තටම ජනමාධ්‍යවේදීන්ට වෘත්තිකයෙන් විදිහට ගරුත්වයෙන් යුතුව වැඩකරන්න අවස්ථාවක් ලැබෙන පනතක්. ඒවගේම ජනමාධ්‍යවේදීන්ට ලබා දුන්නු ශිෂ්‍යත්වත් දිගටම අපි ලබා දෙනවා මේ අවුරුද්දෙත්. ඒ වගේම මේ සැරේ තවත් අදහසක් ඇවිල්ලා තියෙනවා ජනමාධ්‍යවේදීන්ට, විශේෂයෙන්ම ප්‍රාදේශීය වශයෙන් වැඩ කරන ජනමාධ්‍යවේදීන්ට ඔවුන් වෙනුවෙන් කිසියම් ආකාරයක සෞඛ්‍ය රක්‍ෂණයක් ලබා දෙන්න සලකා බලමින් ඉන්නවා. ඔවුන්ගේ ඉතා සුළු මුදලකින් සහ රජයේ දායකත්වයෙන් සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබාදීමට අපි දැන් සාකච්ඡා වට දෙකක් පවත්වලා තිබෙනවා. එනිසා අපි බලාපොරොත්තු වෙනවා මේ වසරේදී ඒ සෞඛ්‍ය රක්ෂණාවරණයත් ඉක්මනටම හඳුන්වලා දෙන්න."

අඩු ආදායම් ලාභීන්ට සුබ ආරංචියක් - රජයෙන් නාගරික නිවාස 2,500 ක්

අඩු ආදායම් ලාභීන්ට සුබ ආරංචියක් - රජයෙන් නාගරික නිවාස 2,500 ක්

වාහන සිහිනය බොඳ වෙයි - නරක ආරංචියක් වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන්

වාහන සිහිනය බොඳ වෙයි - නරක ආරංචියක් වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන්