තවත් දරුණු අනතුරකින් පුංචි මල් කැකුළක් ජීවිතක්ෂයට

Report

සීගිරියම දිගම්පතහා මාර්ගයේ යතුරුපැදියක් හා මෝටර් රථයක් ගැටී සිදු වූ අනතුරින් එහි ගමන්ගත් වයස අවුරුදු තුන හමාරක් වූ සිඟිති දියණියකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල සියඹලාගස්වැව ප්‍රදේශයේ පදිංචි සසිත්මි නෙහන්සා අළුවිහාරේ නම් වූ දැරියක් බව සඳහන්.

ඔක්කොම බොරු, සුප්‍රීම් සැට් වන් තියා චයින සැට් ටුවෙල් කියලාවත් ලංකාවේ කක්ෂවල චන්ද්‍රිකා නෑ

ඔක්කොම බොරු, සුප්‍රීම් සැට් වන් තියා චයින සැට් ටුවෙල් කියලාවත් ලංකාවේ කක්ෂවල චන්ද්‍රිකා නෑ

අනතුර සිදු වන විට යතුරුපැදිය පැදවූ මිය ගිය දියණියගේ පියා ඇයව ඉදිරි පස කොටසේ තබාගෙන ධාවනය කර තිබෙන අතර මෝටර් රථයක පිටුපස යතුරුපැදිය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පවසයි.

එසේම යතුරුපැදිය මෝටර් රථයේ ගැටීමත් සමඟ ඉදිරියේ සිටි දියණිය මාර්ගයෙන් ඉවතට විසි වී ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථ රියැදුරු හා මෝටර් රථය පොලිස් භාරයට ගත් බව සීගිරිය පොලිසිය ප්‍රකාශ කරයි.

නමට දඬුමොණරා කියපුවා වගේ නෙවෙයි ඇත්තටම රාවණාගේ දඬුමොණරු 19ක් ගොඩගන්න ලක ලෑස්තියක්

නමට දඬුමොණරා කියපුවා වගේ නෙවෙයි ඇත්තටම රාවණාගේ දඬුමොණරු 19ක් ගොඩගන්න ලක ලෑස්තියක්

එසේම දියණියගේ මව සීගිරිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කරන බවත් ඇය වැඩ අවසන් කර නිවෙසට කැඳවාගෙන ඒමට ගිය විට මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී ඇත.

මේ අතර දියණියගේ පියා සඳහන් කර තිබුණේ තමන් දියණිය සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටිය දී ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථය එකවර ප්‍රධාන මාර්ගයේ නැවතීමත් සමඟ තමාට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මෝටර් රථයේ ගැටුණු බවයි.

සීගිරිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව සඳහන්.

හරක් කටාගෙන් අල්ලස් ඉල්ලපු අයගේ ලිස්ට් එක එළියට, වැඩේ කියන්නේ ඔක්කොම සුදු ඇඳ ගත්තු චරිතවත් ඈයෝ

හරක් කටාගෙන් අල්ලස් ඉල්ලපු අයගේ ලිස්ට් එක එළියට, වැඩේ කියන්නේ ඔක්කොම සුදු ඇඳ ගත්තු චරිතවත් ඈයෝ