ඖෂධ වර්ග 700ක් ආනයනය කරන්න ගිවිසුම් ගහලා..සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට චෝදනා...
ඖෂධ වර්ග 700ක් ඉන්දියාවෙන් ආනයනය කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ගිවිසුම් අත්සන් කර ඇති බව සමගි ජන බලවේගය පවසනවා.
G2G ක්‍රමවේදයට යටත්ව ඉන්දියාවෙන් ඖෂධ ගෙන්වීමේදී එම ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුවක් මතුවන බවයි එහි පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.
"දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් බිලියන 60ත් 80ත් අතර මුදලක් වැය කර අමාත්‍යාංශයට අවශ්‍යය බෙහෙත් ඖෂධ නීතිගත සංස්ථාව හරහා මිලදී ගන්නවා. ඒ වගේම මෙම බෙහෙත් වර්ග රටවල් විශාල ප්‍රමාණයකින් ලංකාවේ සිටින අලෙවි නියෝජිතයන් මාර්ගයෙන් තමයි ගෙන්වාගනු ලැබුවේ. ඒ වගේම ඖෂධ නියාමන අධිකාරිය නියාමනය හරහා තමයි මේ වැඩපිළිවෙළ සිද්ධ වුණේ. G2G ක්‍රමවේදය යටතේ ඉන්දියාවෙන් ගෙන්වන්න කටයුතු කරන මෙම ඖෂධවල තත්ත්ව පාලනය සහ වගකීම ගන්නේ කවුද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශිර්ෂය රුපියල් බිලියන 400ක් දක්වා වැඩි කරලා තිබෙන්නේ මේ ගිවිසුමේ තිබෙන එකඟතා අනුවද කියලා අපි රජයෙන් අහන්න කැමැතියි. ඒ වගේම මෙම ඩීල් එක හරහා පැලවත්ත කාර්යාලයටත් යනවද කියන සැකය අපිට මතුවෙනවා. මේවාට ආණ්ඩුවෙන් අපි උත්තර බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ දක්වා ඖෂධ ආනයනය කරපු ආනයනකරුවන් 800 ක් පමණ සිටිනවා. මෙම ආනයනකරුවන් එක් එක් ඖෂධ සඳහා වෙන වෙනම ලියාපදිංචි විය යුතුයි. ඖෂධ වර්ග 900කට පමණ මෙම ආනයනකරුවන් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වෙලා තිබෙනවා. මේ ආනයනකරුවගේ මුදල් නැවත ලබාදෙන්න කටයුතු කරනවද? ඒ වගේම කෙහෙළිය රඹුක්වැල්ල සහ රමේෂ් පතිරණ කරන්න උත්සහ කළෙත් මේ කටයුත්තමයි. ඔවුන්ට කර ගැනීමට නොහැකි වුණ වැඩේද මේ ආණ්ඩුව සිදු කරන්න උත්සහ කරන්නේ. ඒ වගේම කෙහෙළිය ඇතුළු පිරිසට විරුද්ධව අධිකරණයේ නඩුවක් තිබෙනවා. බාල ඖෂධ ගෙන්වීමේ චෝදනාව නිසා තමයි කෙහෙළිය ඇතුළු පිරිසට විරුද්ධව අධිකරණයේ නඩු පවරලා තිබෙන්නේ. ඖෂධ ඉන්දියාවෙන් ගෙන ඒමට කටයුතු කිරීම රටේ සෞඛ්‍යයට මරු පහරක් එල්ල කරන්න තමයි ආණ්ඩුව උත්සහ කරන්නේ''.
