මත්ද්‍රව්‍ය තොගයකට අද වන දේ
By Hashini
නඩු කටයුතු අවසන් වූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 494 ග්‍රෑම් 48ක ප්‍රමාණයක් අද දහනය කොට විනාශ කිරීමට නියමිතයි.
මෙම මත්ද්‍රව්‍ය තොගය දැඩි ආරක්ෂාවක් යටතේ පුත්තලම, පාලවිය ප්‍රදේශයට රැගෙන ගොස් සිමෙන්ති සමාගමට අයත් දහන උඳුන තුලදී විනාශ කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.
එම මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් එක්ව සිදුකල වැටලීම්වලින් සොයාගෙන තිබෙනවා.