පැය 24ක ජල කප්පාදුව පැය 12 ක් දක්වා - විශේෂ නිවේදනයක්
කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය යන ප්‍රදේශවල ක්‍රියාත්මක කෙරෙන පැය 24ක ජල කප්පාදුව උපරිම පැය 12 දක්වා අඩු කිරීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡා කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසා ඇත.
මේ අතර, අද රාත්‍රී 8.00 සිට හෙට දහවල් 12.00 දක්වා ජල කප්පාදුව සිදු කෙරෙන්නේ කොළඹ පැලන්වත්ත ප්‍රදේශයටයි. බත්තරමුල්ල, පාමංකඩ, වැල්ලවත්ත සහ නාවල අවට ප්‍රදේශ සඳහා දිනක් හැර දිනක් වශයෙන් රාත්‍රී 10.00 සිට පසුදින අලුයම 1.00 දක්වා පැය 3ක කාලයක් ක්‍රියාත්මක කරන ජල කප්පාදුවද තවදුරටත් සිදු වේ.
කෙසේ වෙතත්, අලුත් අවුරුදු සමය යෙදී ඇති අප්‍රේල් 11 සිට 14 දක්වා කිසිදු ප්‍රදේශයකට ජල කප්පාදුවක් සිදු නොකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.
ජල කප්පාදුවට අදාළ සියලු තොරතුරු කෙටි පණිවුඩ මාර්ගයෙන් ජල පාරිභෝගිකයින් වෙත ලබාදීමට පියවර ගැනෙනු ඇත. මේ අතර, හෝමාගම ප්‍රදේශයට ඊයේ රාත්‍රි 8.00 සිට පැය 18ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවනු ලැබූ අතර, එය අද දහවල් 12.00 දක්වා ක්‍රියාත්මකයි.