ඉන්දීය අවි ගබඩාවක් ලංකාවට...මෝදී සංඥා දීලයි ගියේ
මෙරට නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ශ්‍රී ලංකාවේ උතුරු පළාත අහසින් පියාසර කර සිය ගමන අවසන් කිරීම එතරම් සුබවාදී නොවන බව දේශපාලන විචාරක දයාන් ජයතිලක මහතා සඳහන් කර තිබෙනවා.
එම ගමන හරහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා මෙරටට සංඥා කිහිපයක් නිකුත් කර ඇති බව ඔහු පෙන්වා දෙනවා. ඉන්දියානු ගුවන් හමුදාවට අයත් අහස් යානාවකින් මෙරට නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් නික්ම ගියා.
ඒ අනුව මෙරට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාට මෙරට ඕනෑම ස්ථානයකට ඇතුළු වීමට අවසර ලබාදී ඇති බවයි දයාන් ජයතිලක මහතා සඳහන් කර සිටියේ එය ඉතාමත් බරපතල තත්ත්වයක් බවයි.
මෙරට පෞද්ගලික රුපවාහිනි නාලිකාවක පැවති සංවාදයකට එක වෙමින් ඒ මහතා මේ බාවා කියා සිටියා. මේ අතර ඉන්දීය යුධ අවි කර්මාන්තශාලාවක් සහ අවි ගබඩා ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට ශ‍්‍රී ලංකාව ඉන්දියාව සමග ආරක්‍ෂක ගිවිසුමකට එළැඹ ඇති බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරන්නේ යයි දේශපාලන විචාරක දයාන් ජයතිලක මහතා සඳහන් මෙම රුපවාහිනී සංවාදයේ දී තවදුරටත් සඳහන් කර සිටියා.
ශ්රී ලංකාව ඉන්දියාව සමඟ අත්සන් කළේ අවබෝධතා ගිවිසුමක් බවට ශ්‍රී ලංකාව පාර්ශවයෙන් පැවසුවත් ඉන්දියානු මාධ්‍ය ඒ ගැන වාර්තා කරන්නේ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළ බවයි.
ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් ලෙස සිටිය යුතුව බවත් ඉන්දියාව චීනය හෝ ඇමරිකානුවේ පාර්ශවයක් ලෙස කටයුතු නොකළ යුතු බවත් පැවසූ ඔහු ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයක් නොකළ යුතු බවද කියා සිටියා.
පවතින තත්ත්වය යටතේ මෙරට ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මහ ඇමති කෙනෙක් බවට පත්වෙමින් ඇති බවද හෙතෙම අවධාරණය කර සිටියා.
