කිසිම පවුලක් දරිද්‍රතාවයට වැටෙන්න බෑ - ආසියානු සංවර්ධන බැංකුව ලංකාවට ඩොලර් මිලියන 200ක්

Report

මැදපෙරදිග ගැටුම හේතුවෙන් ගෝලීය ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට අමෙරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය සහායක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර ඇත.

ඒ අනුව මෙම මුදල් ආධාරය ශ්‍රී ලංකාවේ වෙළෙඳාම, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධනය ඉලක්ක කරගත් ප්‍රතිපත්තිමය ණය වැඩසටහනක් යටතේ ලබාදීමට නියමිත බව සඳහන්.

එසේම ඒ අතරින් අමෙරිකානු ඩොලර් මිලියන 100ක් මැදපෙරදිග අර්බුදය නිසා රටට එල්ල වී ඇති ආර්ථික පීඩනය අවම කිරීමට අතිරේක මූල්‍ය සහායක් වශයෙන් වෙන් කර ඇත.

මේ අතර ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති Masato Kanda පවසා ඇත්තේ, දුරස්ථ ගැටුමක බලපෑම නිසා කිසිදු පවුලක් තවදුරටත් දරිද්‍රතාවයට ඇද වැටිය නොයුතු බවයි.

ලංකාවම බලන් ඉන්න මාසික ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රීයේ.. බොරතෙල් මිලත් පහළට

ලංකාවම බලන් ඉන්න මාසික ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රීයේ.. බොරතෙල් මිලත් පහළට

එසේම ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ රැකියා අවස්ථා පුළුල් කිරීම, නව ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු බවයි.

එමෙන්ම එම වැඩසටහන යටතේ වෙළෙඳ පද්ධති නවීකරණය කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ තරඟකාරීත්වය ඉහළ නැංවීම, ආර්ථික කලාප වෙත ආයෝජන ගෙන්වා ගැනීම සහ අපනයන වර්ධනය කිරීමට ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.

ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙන්නේ, මෙම ප්‍රතිසංස්කරණ ඔස්සේ මෙරට ආර්ථිකයට අනාගතයේ ඇතිවිය හැකි බාහිර කම්පනවලට වඩාත් හොඳින් මුහුණ දීමේ හැකියාව ශක්තිමත් වන බවයි.

රථ වාහන පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් - තහනම් නියෝග සමඟ රියදුරන්ට දින 14ක සහන කාලයක්

රථ වාහන පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් - තහනම් නියෝග සමඟ රියදුරන්ට දින 14ක සහන කාලයක්

මැදපෙරදිග ගැටුමේ ආර්ථික බලපෑම් හේතුවෙන් ඉහළ යන වියදම් සහ අවිනිශ්චිතතාවට මුහුණ දීමට ශ්‍රී ලංකාව සහ කාම්බෝජය වෙත සමස්ත අමෙරිකානු ඩොලර් මිලියන 450ක මූල්‍ය සහාය ලබාදීමටද ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර ඇත.

එබැවින් කාම්බෝජයට අමෙරිකානු ඩොලර් මිලියන 250ක මූල්‍ය සහායක්ද ලබාදීමට නියමිතව ඇත. 

රටටම වතුර සැපයුම නවතියිද? අමාත්‍ය සුසිල් රණසිංහගෙන් ජල සැපයුම ගැන විශේෂ ප්‍රකාශයක්

රටටම වතුර සැපයුම නවතියිද? අමාත්‍ය සුසිල් රණසිංහගෙන් ජල සැපයුම ගැන විශේෂ ප්‍රකාශයක්

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න