ලංකාවම බලන් ඉන්න මාසික ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රීයේ.. බොරතෙල් මිලත් පහළට
මාසික ඉන්ධන මිල සංශෝධනය අද (31) දින බොහෝ දුරට සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව අද දිනයේදී ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් පරීක්ෂා කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව සඳහන්.
එසේම ඊයේ දිනයට සාපේක්ෂව අද උදෑසන වනවිට ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිලෙහි සුළු පහළ යාමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.
ඒ බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 89.69ක් වශයෙන්.
එසේම ඩබ්ලිව් ටී අයි බොර තෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 84.5ක් වශයෙනි.