දෙමටගොඩ රුවන්ට වෙඩි ප්‍රහාරයක්

Report

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ඊයේ (19) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සිදුකිරීමට සැලසුම් කළ වෙඩි තැබීමක් අසාර්ථක වී ඇත.

යාපනයේ උණුසුම් තත්ත්වයක් - පොලිසියට ගල් ප්‍රහාර පොලිසියෙන් ගිනි අවි භාවිතා කරලා

යාපනයේ උණුසුම් තත්ත්වයක් - පොලිසියට ගල් ප්‍රහාර පොලිසියෙන් ගිනි අවි භාවිතා කරලා

ඉලක්කය වී සිටියේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම ලැබූ දෙමටගොඩ චමින්දගේ සහෝදරයා වන අපරාධකරුවන් ලෙස හඳුනාගත් දෙමටගොඩ රුවන් නම් පුද්ගලයාය.

ප්‍රාදේශීය ලේකම් අවසන් ගමන් - සැමියා අත්අඩංගුවට

ප්‍රාදේශීය ලේකම් අවසන් ගමන් - සැමියා අත්අඩංගුවට

කෙසේ වෙතත්, සාමාන්‍යයෙන් එම සමාජ ශාලාවට නිතර පැමිණෙන රුවන් ඊයේ රාත්‍රියේ පැමිණීමට ප්‍රමාද වීමක් හේතුවෙන් වෙඩි තැබීම වළක්වා ගන්නට හැකිවී ඇතැයි පොලිස් වාර්තා පවසයි.

ජනාධිපති ධුරය අහෝසියි - මෙන්න විස්තරේ

ජනාධිපති ධුරය අහෝසියි - මෙන්න විස්තරේ

වෙඩික්කරු සමාජ ශාලාවට ඇතුළු වී රුවන් පැමිණ ඇත්දැයි තහවුරු කිරීමට උත්සාහ කල අවස්ථාවේ, එම ස්ථානයේ මුරකරු සමඟ වාද විවාදයක යෙදී ඇත.

එම අවස්ථාවේදි වෙඩික්කරු අතේ තිබූ ටී56 ගිනිඅවිය එහිම තැබීමෙන් පසුව යතුරුපැදියද එතැන තබාගෙන, එමගින් පැමිණි තවත් පුද්ගලයා සමඟ පලා ගොස් ඇත.

අද උදෑසන අදාළ ටී56 ගිනිඅවිය හා යතුරුපැදිය පොලිසිය භාරයටගෙන ඇති අතර, බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලගේ උපදෙස් මත විශේෂ විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටිති.