සුපිරි නළු විජේගෙන් බිරිඳ දික්කසාදය ඉල්ලයි - ලොවම කැළඹූ හේතුව මෙන්න
සුප්‍රකට නළුවෙක් මෙන්ම දේශපාලනඥයෙකුද වන විජේ සම්බන්ධයෙන් මේ දිනවල පුවතක් වාර්තා ඒ. ඒ විජේගේ බිරිඳ වන සංගීතා සෝර්නලිංගම් තමිල්නාඩුවේ චෙංගල්පත්තු හි අධිකරණයක දික්කසාදය සඳහා ගොනු කර ඇති බවයි.
ඒ අනුව සංගීතා සිය දික්කසාද පෙත්සමේදී විජේට "නිළියක් සමඟ අනියම් සම්බන්ධතාවයක්" ඇති බවට චෝදනා කරයි.
අඳාළ හේතු මත මෙසේ දික්කසාද වීමට උත්සාහ කරන ඇති බව ANI පුවත් ඒජන්සිය වාර්තා කර ඇත. සමාජ සේවිකාවක් සහ ව්‍යවසායකයෙකු වන සංගීතා, තම විවාහක නිවසේ පදිංචි වීමේ අයිතිය සහ විජේගෙන් ස්ථිරව ජීවිතාන්තය දක්වා ඉල්ලා ඇති බව ද සඳහන්.
ලොව පුරා රසිකයින් පිස්සු වට්ටපු සුපිරි තරු දෙපළක් අතිනත ගනී - මුළු ලෝකෙම හැරිලා බලපු VIROSH විවාහයට පස්සේ විජේගෙන් සංවේදී සටහනක්
විජේ සහ සංගීතා විවාහ වී වසර 27 ක් ගත වී තිබෙන අතර ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටියි. ඒ ජේසන් සංජේ (25) පුත් සහ දිව්‍යා සාෂා (20) යන දියණියයි.
කෙසේ වෙතත් මෙම දික්කසාද පෙත්සමට විජේ තවමත් ප්‍රතිචාර දක්වා නොමැති බව සඳහන්.
එමෙන්ම වාර්තාවලට අනුව, සංගීතා මුලින් විජේගේ රසිකාවක් වූ අතර 1990 දශකයේ අගභාගයේදී චෙන්නායි හිදී ඔහුව හමුවීමට ඇය එක්සත් රාජධානියේ සිට පැමිණි බව සඳහන්.
මෙම හමුව ඔවුන්ගේ ඉරණම වෙනස් කළ බව කියයි.
මේ අතර විජේ ක්‍රිස්තියානි භක්තිකයෙකු වූ අතර සංගීතා හින්දු භක්තිකයෙකු විය. එහෙත් ඔවුන්ගේ ආදරය ඒ සියල්ල අභිබවා ගොස් විවාහයෙන් කෙළවර වූ බව සඳහන්.
කෙසේ වෙතත් මුලින් සංගීතා විජේ සමඟ ඔහුගේ චිත්‍රපටවල ප්‍රවර්ධන උත්සව සහ සම්මාන උළෙලවල් සඳහා සහභාගී වූ නමුත්, පසුව ඇය නිහඬ පිළිවෙතක් අනුගමනය කළ බව වාර්තා වේ.
තමිලගා වෙට්‍රි කසාගම් (TVK) පක්ෂය ආරම්භ කිරීම සහ විජේගේ දේශපාලන රැලිවලින් ද ඇය අතුරුදහන් වූ බව සඳහන්.