ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් 10ක් අබුඩාබි ටී-10 ලීග් වලට යයි..පළමු තරගය අද රාත්‍රී 7.30ට..

Report

අබුඩාබි ටී-10 ලීග් ක්‍රිකට් තරගාවලිය අද (28) සිට ආරම්භවීමට නියමිතව තිබෙනවා.

මෙම තරගාවලිය 2023 දෙසැම්බර් මස 09 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

අද දිනයේ තරග දෙකක් පැවැත්වෙන අතර රාත්‍රී 7.30ට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් - නිව් යෝර්ක් ස්ට්‍රයිකර්ස් තරගය ආරම්භවීමට නියමිතව ඇත.

අද රාත්‍රී 10.00ට නෝදර්න් වොරියර්ස් සහ සෑම්ප් ආමි කණ්ඩායම අතර තරගය ආරම්භවීමට නියමිතව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

මෙවර තරගාවලියට තරග 32ක් ඇතුළත් ව ඇති අතර,කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

මෙවර අබුඩාබි ටී-10 තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දසදෙනෙකු(10) ක්‍රීඩා කරයි.

එලෙස ක්‍රීඩා කරන ලාංකික ක්‍රීඩකයින් වන්නේ,

01. ඩිල්ෂාන් මධුසංඛ (ටීම් අබුඩාබි)

02. මතීෂ පතිරණ (බංග්ලා ටයිගර්ස්)

03. මහීෂ් තීක්ෂණ (සෑම්ප් ආමි)

04. දුනිත් වෙල්ලාලගේ (දිල්ලි බුල්ස්)

05. ඇන්ජලෝ මැතිව්ස් (නෝදර්න් වොරියර්ස්)

06. නුවන් තුෂාර (ඩෙකෑන් ග්ලැඩියේටර්ස්)

07. ලසිත් කෲස්පුල්ලේ (නිව් යෝර්ක් ස්ට්‍රයිකර්ස්)

08. නිරෝෂන් දික්වැල්ල (නිව් යෝර්ක් ස්ට්‍රයිකර්ස්)

09. චාමික කරුණාරත්න (නිව් යෝර්ක් ස්ට්‍රයිකර්ස්)

10. කුසල් පෙරේරා (නිව් යෝර්ක් ස්ට්‍රයිකර්ස්)

මෙම තරගාවලියේ සජීවී විකාශනය සුප්‍රීම් ටීවී නාලිකාව ඔස්සේ නැරඹිය හැක.



Gallery