ශාරුක් ඛාන්ට ආ මරණ තර්ජනය ගැන කරුණු රැසක් එළියට..මෙහෙම කෙනෙක් කරා කියලා හිතන්නවත් බැහැ..

By Piyumika Nov 09, 2024 01:53 AM GMT
Report

සුපිරි නළු ෂාරුක් ඛාන්ට මරණ තර්ජන එල්ලව ඇති බවට පසුගිය දා  ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ලදී. 

එහිදී ඇමතුම ලබාගත් පුද්ගලයා සඳහන් කර ඇත්තේ, ඉන්දීය රුපියල් ලක්ෂ 50ක් තමන්ට අවශ්‍ය බවත් අදාල මුදල නොගෙවන්නේ නම් මාරක ප්‍රතිවිපාකයකය මුහුණ දීමට සිදුවන බවයි.

සොම්බි චිත්‍රපට වල තියන දේවල් වගේ වෙයිද.. පර්යේෂණාගාරයකින් පැනගිය පිරිසක් නිසා ප්‍රදේශ වාසීන්ට අනතුරු ඇගවීමක්..

සොම්බි චිත්‍රපට වල තියන දේවල් වගේ වෙයිද.. පර්යේෂණාගාරයකින් පැනගිය පිරිසක් නිසා ප්‍රදේශ වාසීන්ට අනතුරු ඇගවීමක්..

මේ අතර, ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, සිද්ධියට අදාල දුරකථනයේ හිමිකරුවා සොයාගෙන ඇති අතර ඔහු රායිපුර් හි නීතීඥයකු බවයි පැවසෙනුයේ.

අදාල නීතීඥයා පොලිසියට සඳහන් කර ඇත්තේ එම දුරකථනය, මරණ තර්ජනය එල්ල කිරීමට දින 03කට පෙර තමා අතින් අස්ථානගත වූ බවත් ඒ පිළිබඳව තමන් පොලිසියට පැමිණිල්ලක්ද සිදුකර ඇති බවයි.

ඔබේ නොසැලකිල්ල ප්‍රියයකුගේ ජීවිතය අවධානමට ලක් කිරීමක්..සිගිත්තෙක්ට දිවි අහිමි කල ආදරය..

ඔබේ නොසැලකිල්ල ප්‍රියයකුගේ ජීවිතය අවධානමට ලක් කිරීමක්..සිගිත්තෙක්ට දිවි අහිමි කල ආදරය..

කෙසේනමුත් මෙම නීතීඥවරයා මීට පෙර ශාරුක් ඛාන්ගේ චිත්‍රපට දෙබසකට එරෙහිව විරෝධතා ඉදිරිපත් කළ පුද්ගලයෙකු බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ.

මේවන විට ඉන්දීය පොලිසිය අංශ රැසක් ඔස්සේ පරීක්ෂණ කටයුතු අරඹා ඇති අතර, මෙම දුරකථනය සොරකම් කරන ලද්දක් ද, හිතාමතා භාවිත කිරීමක් ද නැතහොත් විශාල කුමන්ත්‍රණයක කොටසක් ද යන්න පිළිබඳව අවධානය යොමු කර ඇති බවද ඉන්දීය මාධවල සඳහන්.