පද්මෙගෙ කටින් තවත් 35දෙනෙක් ගැන හෙළි වේ 35නාටම රතු නිවේදන

Report

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලිය අත්අඩංගුවට ගැනීමෙන් පසු හෙළිවෙන තොරතුරු අනුව විදේශගතවී සිටින තවත් පාතාල සාමාජිකයන් 35 දෙනකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි යූ. වුඩ්ලර් මහතා පැවැසීය.

මේ අනුව විදේශගතවී සිටින පාතාල සාමාජිකයන් හැත්තෑ දෙදෙනකුට ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත්කර තිබේ.

දැනට ලැබෙන පොලිස් ආරංචි මාර්ග අනුව ජාත්‍යන්තර පොලිසිය මගින් ශ්‍රී ලංකාවට අවශ්‍ය සැකකරුවන් 15 දෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.

අයේ දරුවන්ට ගහන්න බෑ,බනින්න බෑ එහෙම කරොත් වෙන්නේ මේකයි,නව නීතියක්

අයේ දරුවන්ට ගහන්න බෑ,බනින්න බෑ එහෙම කරොත් වෙන්නේ මේකයි,නව නීතියක්

එමෙන්ම කෙහෙල්බද්දර පද්මේ හා කමාන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ඉන්දුනීසියාවට පැමිණ ඇති බව කෙහෙල්බද්දර පද්මේට පොලිසියෙන්ම ඔත්තුවක් ලබාදී ඇති බවට අනාවරණ වී තිබේ.

රත්ගම මාරක රිය අනතුරක්

රත්ගම මාරක රිය අනතුරක්

මේ පිළිබඳ ව හෙළිවී ඇත්තේ සිදුකරමින් පවතින විමර්ශන අතරතුරදීය. මේ අතර කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කර තිබූ රතු වරෙන්තුව ද මෙරට පොලිසිය හරහාම ඔහු වෙත ඔත්තුවක් ලෙස ලබාදී ඇති බවත් වාර්තා වේ.

කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි.

පාස්කු ප්‍රහාරයේ අවශ්‍ය කරුණු කීපයක් ආරක්ෂක අංශ ප්‍රධානියෙක් සගවලා

පාස්කු ප්‍රහාරයේ අවශ්‍ය කරුණු කීපයක් ආරක්ෂක අංශ ප්‍රධානියෙක් සගවලා