පාර්ලිමේන්තුව රත් කරමින් ලංකාව කළඹපු ප්‍රශ්නෙට උත්තර - ලංකාවට ආ බව කියූ ඉරානේ අනිත් නැව ගැන ඇත්තම විස්තරේ මෙන්න
ඉරානයට අයිති තවත් නැවක් ශ්‍රී ලංකා ජල තීරයට ආසන්න විශේෂ ආර්ථික ජල තීරයේ පවතින හෙයින් ඒ ජීවිත ආරක්ෂා කිරීමට රජය උපරිම ලෙස මැදිහත්වී සිටින බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා.
ඒ අද(05) දින පාර්ලිමේන්තුවේදීයි.
එසේම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ කටයුතු අවසන් වූ වහාම පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන බවයි.
අමාත්‍යවරයා මෙම ප්‍රකාශය කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉරානයේ තවත් නැවක් කොළඹ වරායට නුදුරු ප්‍රදේශයක නැංගුරම්ලා ඇති බවට තොරතුරු වාර්තා වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගය කුමක්දැයි පාර්ලිමේන්තුවේදී විමසූ අවස්ථාවේදීයි.
" විපක්ෂ නායකවරයා ඉදිරිපත් කරන කරුණුවලට වඩා බොහෝ කරුණු අපි දන්නවා රජය ඒ ගැන දැනගෙන තමා කටයුතු කරන්නේ. ඒ අනුව මේ ප්රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා ජීවිත හානි අවම කර ගැනීම සඳහා කලාපීය සාමය ආරක්ෂා කර ගැනීම සඳහා මැදිහත්වීම් කරමින් ඉන්නවා. මේ කියන නැව තවමත් තිබෙන්නේ අපේ ජාතික ජල තීරය තුළ නෙවෙයි එය තිබෙන්නේ ජාතික ජල තීරයට ආසන්නව විතරයි. අපි ඒ ජීවිතය සම්බන්ධයෙන් උපරිම මැදිහත්වීම් කරමින් ඉන්න බව පමණක් මට කියන්න පුළුවන් මේ කටයුතු අවසන් වුණහම සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරනවා"