තවත් ඉරාන නෞකාවක් ඇති බවට සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක්
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ කොළඹ වරාය ආසන්නයේ තවත් ඉරාන නෞකාවක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් රජයෙන් පැහැදිලි ප්‍රකාශයක් අවශ්‍ය බව විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අද (05) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සදහන් කර තිබේ.
ඒ වගේම මේ සම්බන්ධව වැඩිදුරටත් සදහන් කළ එතුමා අමෙරිකානු සබ්මැරිනයක සිට ටෝපිඩෝවක් ආධාරයෙන් ඊයේ දිනයේ දී නෞකාවට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ද රජය විශේෂ ප්‍රකාශයක් සිදුකළ යුතු බව අවධාරණය කර තිබේ.
පාර්ලිමේන්තුව රත් කරමින් ලංකාව කළඹපු ප්‍රශ්නෙට උත්තර - ලංකාවට ආ බව කියූ ඉරානේ අනිත් නැව ගැන ඇත්තම විස්තරේ මෙන්න
ශ්‍රී ලංකාවේ හමුදාවන් විසින් ඉරාන නෞකාවේ සිටි පිරිසගේ ජීවිත බේරාගැනීම පිළිබඳව ප්‍රසංසාව පුදකරන බවත් එතුමා සිහිපත් කොට ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ රාජතාන්ත්‍රක වශයෙන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් රජය ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් මෙතෙක් සිදුකර නොමැති බවයි.
මැදපෙරදිග යුධමය තත්වය හේතුවෙන් අතරමං වූ මගීන් වෙනුවෙන් කටාර් එයාර්වේස් වෙතින් සහන ගුවන්වාර - අලුත්ම ආරංචිය මෙන්න
තවද මෙරට ස්වෛරීයභාවය, භෞමික අඛණ්ඩතාවය පිළිබඳ අවධානය යොමුකළ යුතු බරපතළ තත්ත්වයක් පැන නැගී ඇති බවත් ඊයේ (04) දිනයේ දී රට ආසන්නයේ දී මෙවැනි නෞකාවක් විනාශ වී තිබීම පිළිබඳව රජය දැනුවත්ව සිට සභාව දැනුවත් නොකිරීම මන්ත්‍රීවරුන්ගේ ව්‍යවස්ථානුකූල වගකීම් ඉටුකිරීමට බාධාවක් බවද එතුමා සිහිපත් කොට තිබේ.
මේ සම්බන්ධව තව දුරටත් අදහස් දක්වමින් එතුමා සදහන් කළේ මේ වනවිට ගාල්ල, කරාපිටිය රෝහලට රැගෙන විත් ඇති ඉරාන ජාතික මෘත දේහයන් තැන්පත් කිරීම සඳහා වෛද්‍යවරුන් විසින් අඩි 40 කන්ටේනර් රථ ඉල්ලා ඇති බවත් රජය මඟින් ඒ පිළිබඳ අවධානය යොමු කරනු ඇති බවට අපේක්ෂා කරන බවයි.
ඒ වගේම විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේ අපේ රටේ මුහුදු සීමාවේ සිදුවන ක්‍රියාවන් රජය නොදැන සිටීම ජාතික ආරක්ෂාවට ගැටලු නොවන්නේ කෙසේ දැයි යන්නයි .