රටේම වෙනස්කම් රැසක් වෙනකොට අධ්‍යාපනයෙත් නව වෙනසක්.. කරන්න යන දෙය ගැන ජනපති අනුර කීව දෙය මෙන්න.. එතකොට ගුරුවරුන්?.

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ගෝලීය අවශ්‍යතා නිසිපරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් වියයුතු බවයි.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි වීම ගැන.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න.. ඇමති විජිත හේරත් කියයි..

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි වීම ගැන.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න.. ඇමති විජිත හේරත් කියයි..


ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රගමනයට ඉවහල් වන සේ මානව සම්පත වැඩිදියුණු කිරීම සඳහා දරුවන් දැනුමෙන් සන්නද්ධ කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

අද (16) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ ය.

රටේ තත්ත්වය තාම අවිනිශ්චිතයි.. පාසල් යළි ආරම්භ වෙන්නෙ කවද්ද?. හෙටත් අද වගේම වැසෙයි ද?.

රටේ තත්ත්වය තාම අවිනිශ්චිතයි.. පාසල් යළි ආරම්භ වෙන්නෙ කවද්ද?. හෙටත් අද වගේම වැසෙයි ද?.


ඉදිරි අවුරුදු 10 තුළ ලෝකයට අවශ්‍ය වන මානව සම්පත නිර්මාණය කිරීමේ මෙහෙයුම අධ්‍යාපන නිලධාරීන්ට පැවරෙන වගකීමක් බවත් ඒ සඳහා වන පුළුල් දැක්මක් සහිතව අධ්‍යාපන ව්‍යාපෘති සකස් කිරීමේ ඇති අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගලට මොකද වෙන්නේ?. ඇමති විජිත හේරත් එකවරම කීව දෙය මෙන්න..

අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගලට මොකද වෙන්නේ?. ඇමති විජිත හේරත් එකවරම කීව දෙය මෙන්න..


එමෙන්ම, ජනාධිපති අනුර කුමාර දිසානායක හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචනයේදී අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ක්‍රියාත්මක ව්‍යාපෘති පහක් සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡාවට බඳුන්කර ඇති බව සඳහන් වේ. 

පාසල් අධ්‍යාපනය නවීකරණය, ගුරු අධ්‍යාපනය, ද්විතියික අධ්‍යාපනය, තාක්ෂණික අධ්‍යාපනය සහ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සංවර්ධනය කිරීම යන කරුණු මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

මීට අදාළ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගය ආයෙ තියන් නෑ.. කියන පසුබිමක.. ගුරු සංගමය කියන දෙය මෙන්න..

ශිෂ්‍යත්ව විභාගය ආයෙ තියන් නෑ.. කියන පසුබිමක.. ගුරු සංගමය කියන දෙය මෙන්න..


ශ්‍රී ලංකාවේ සියලු පාසල් වඩා ඵලදායි පාසල් බවට පරිවර්තනය කළ යුතු අතර දරුවන්ට හිතකර පරිසරයක් නිර්මාණය වන සහ සියලුම දරුවන්ට අධ්‍යාපනයෙහි ප්‍රවේශය හිමි වනපරිදි පාසල් අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානයට යොමුව ඇත.

කෙසේ වෙතත්, උසස් පෙළ සඳහා විද්‍යා, ගණිත හා තාක්ෂණ විෂය නිර්දේශ හදාරන පාසල් ප්‍රමාණය පුළුල් කිරීමටද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙනවා.