දිපවාලි උත්සවය දවසේ කෝටිපතියෙක් වෙන්න අලුත් ක්‍රමයක් ට්‍රයි කරපු කාන්තාවට සිද්ද වුණ දේ..

By Piyumika Oct 31, 2024 10:27 AM GMT
Report

බලපත්‍රයක් නොමැතිව වතු කම්කරුවන්ට අධික මිලකට රජයේ අනුමත රා බෝතල් අලෙවි කළ කාන්තාවක් අද (31) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසනවා.

අනුර කුමාර ජනාධිපති සහෝදරයා ඔලුවෙන් හිටගෙන දැඟලුවත්.. විපක්ෂය නොව අපිට ආණ්ඩුවක් ගන්න හැකියි..

අනුර කුමාර ජනාධිපති සහෝදරයා ඔලුවෙන් හිටගෙන දැඟලුවත්.. විපක්ෂය නොව අපිට ආණ්ඩුවක් ගන්න හැකියි..

දිපවාලි උත්සවය නිමිත්තෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම මත්පැන් අලෙවිසැල් වසා දමා ඇති නිසා සැකකාර කාන්තාව පදිංචි බගවන්තලාව කර්කස්වොල් වතුයායේ ඇයගේ නිවස වෙත රා බෝතල් විශාල ප්‍රමාණයක් රැගෙන ගොස් වතු කම්කරුවන්ට අධික මිලකට අලෙවි කරමින් සිටින බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රතිඥාවක් සලකා බැලීමෙන් පසු උපුල් තරංගට එරෙහි වරෙන්තුව ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්..

ප්‍රතිඥාවක් සලකා බැලීමෙන් පසු උපුල් තරංගට එරෙහි වරෙන්තුව ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්..

කෙසේ වෙතත් අදාළ සැකකාර කාන්තාව සහ අලෙවි කිරිමට සගවා තිබු රා බෝතල් 45ක් පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත සැකකාර කාන්තාව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.