අනේ දෙවියනේ ..! ඇය කොතරම් වේදනාවක් විදින්න ඇත්ද..

By Piyumika Oct 31, 2024 10:42 AM GMT
Report

කැනඩාවේ Walmart වෙළඳසැලක ඇති බේකරියක වූ උඳුනක් තුළ දී ඉන්දියානු සම්භවයක් ඇති තරුණියකගේ මළසිරුරක් සොයා ගෙන තිබෙනවා.

නේවාසිකාගාර ගැටලු‍ව සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පන්දම් විරෝධතාවයක..

නේවාසිකාගාර ගැටලු‍ව සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පන්දම් විරෝධතාවයක..

මෙසේ මිය ගොස් ඇත්තේ Gursimran Kaur නම් වයස අවුරුදු 19ක් වන තරුණියක්.

ඇයගේ මළසිරුර පසුගිය ඔක්තෝම්බර් 19 වෙනි දා මෙලෙස උඳුන තුළ පිලිස්සී තිබිය දී සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දිවි ගමන නිමා කල මිතුරු සාදය ...

දිවි ගමන නිමා කල මිතුරු සාදය ...

මෙම තරුණියව කවරෙකු හෝ උඳුන තුළට තල්ලු කරන්නට ඇති බවයි එම බේකරි අංශයේ වැඩ කරන තවත් සේවිකාවක සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමර්ශන කරන පොලිසිය සඳහන් කරන්නේ මෙම මරණයට නිශ්චිත හේතුවක් සහ එය සිදු වූ ආකාරයක් සම්බන්ධයෙන් මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බවයි.