ගුරු වෘත්තියට යන අයට සුබ පණිවිඩයක්

Report

ගුරුවරු දස දහස් සංඛ්‍යාවක් බිහි කරන අධ්‍යාපන විද්‍යා පීඨ කියන්නේ රටක පවතින මහඟු සම්පතක්.ජාතික අධ්‍යාපන විද්‍යාව පිහිටවල පවතින්නේ වෙනම නීතිමය රාමුවක්.

පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි

පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි

එම නිසාම සමහරක් සිසුන්ට එය පීඩාකාරී දෙයක් වීමට හැකියි.පසුගිය කාලසීමාවේදී විද්‍යා පීඨවල පවතින නෛතික ක්‍රියාවලිය සිසුන්ට දරා ගත නොහැකිව ජීවිත හානි පවා සිදුවිය.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

එවැනි තත්ත්වයක් තුළ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල ඉගෙනුම ලබන ගුරු ශික්ෂණලාහීන්ට පීඩනයෙන් තොර ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමත්, අධ්‍යාපන පීඨවල ගුණාත්මකභාවය සංවර්ධනය සඳහා ක්‍රියාකාරි සැලැස්මක් දියත් කිරීමත් සිය විශේෂ අවධානය යොමුව ඇති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසූවේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරුන් සඳහා බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති සාකච්ඡාවක් අමතමනි. මෙම සාකච්ඡාව සඳහා දිවයිනේ සියලු අධ්‍යාපන විද්‍යා පීඨවල පීඨාධිපතිවරුන් සහභාගී වී සිටි අතර එක් එක් අධ්‍යාපන විද්‍යා පීඨය සඳහා සිය අධ්‍යයන සහ අනධ්‍යයන ගැටලු, යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් වන ගැටලු සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි විය.

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ විභාගය ලියන්න දෙන්නෙ නෑ, දිවයිනේ සියලුම පාසල්වලට විශේෂ දැනුම් දීමක්

ගුරු ශික්ෂණලාහීන්ට ගුණාත්මක අධ්‍යයන පරිසරයක් නිර්මාණය කිරීම සඳහා මෙතෙක් කල් අවධානය යොමු නොවුණු ගැටලුවලට සිය විශේෂ අවධානය යොමු කරන බවත්, සුවිශේෂි ගැටලු පවතින විද්‍යා පීඨවල නිරීක්ෂණ චාරිකාවක් සිදු කර කඩිනම් විසඳුම්වලට එළඹෙන බවත් එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය