කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.
පිළිමතලාව සහ පැණිදෙනිය දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේ දී ඊයේ (11) රාත්‍රියේ සිදුව ඇති මෙම අනතුර සම්බන්ධව පේරාදෙණිය පොලීසිය විසින් විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.
මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසා ඇත.
මරණකරු අවුරුදු 35ක් පමණ වන පුද්ගලයෙකු බවත් උස අඩි 06 අඟල් 04ක් පමණ වන අතර, දම්පාට කොට කලිසමක් හා අළු පැහැති ටී ෂර්ට් එකක් ඇඳ සිටි අයෙකු බවත් පොලීසිය පවසයි.
මෘතදේහය පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.