අයර්ලන්තයට එරෙහි පළමු තරගයේ ජය ලංකා කෙල්ලන්ට..

Cricket Sri Lanka Ireland Sports
By Piyumika Aug 12, 2024 01:46 AM GMT
Piyumika

Piyumika

Report

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර තරග දෙකකින් යුත් 20-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි අයර්ලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 145ක් රැස් කරන ලදි.

ආදායම් බදු දෙපාර්තමේන්තුවේන් විශේෂ නිවේදනයක් ..වහාම මේ ගැන දැනුවත් වෙන්න..

ආදායම් බදු දෙපාර්තමේන්තුවේන් විශේෂ නිවේදනයක් ..වහාම මේ ගැන දැනුවත් වෙන්න..

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වුවා.

එහිදී හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 86ක් රැස් කළ අතර විශ්මි ගුණරත්න ලකුණු 30ක් සහ අනුෂ්කා සංජීවනී ලකුණු 12ක් රැස් කළාය.

පන්දු යැවීමේ දී Freya Sargent, Arlene Kelly සහ Laura Delany එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.

ඉන්දියාවට යන අලුත්ම ක්‍රමය..රුපියල් 16,000 ක් අතේ තියෙනව නම් ඔයාටත් ඉන්දියාවට යන්න පුළුවන් ..

ඉන්දියාවට යන අලුත්ම ක්‍රමය..රුපියල් 16,000 ක් අතේ තියෙනව නම් ඔයාටත් ඉන්දියාවට යන්න පුළුවන් ..

අයර්ලන්ත කාන්තා කණ්ඩායම වෙනුවෙන් Gaby Lewis ලකුණු 394, Orla Prendergast ලකුණු 29ක්ද, Laura Delany ලකුණු 25ක්ද ලබා ගන්නා ලදි.

එහිදී පන්දු යැවීමේ දී ඉනොෂි ප්‍රියදර්ශනී  කඩුලු 2ක් දවා ගත් අතර උදේශිකා ප්‍රබෝධනි සහ සුගන්ධිකා කුමාරි  එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය

ReeCha