‍රජයේ රෝහල් වල සැත්කම් සම්බන්ධයෙන් භයානක අනාවරණයක්..

Sri Lanka Ministry of Health Sri Lanka Hospitals in Sri Lanka
By Piyumika Aug 12, 2024 02:00 AM GMT
Piyumika

Piyumika

Report

රෝහල්වල සිදුකරන සැත්කම්වලින් පසු සැත්කමට භාජනයවන රෝගියාට යළි සිහිය ලබා ගැනීම සඳහා භාවිත කරන Neostigmine එන්නත් රෝහල් රැසක නොමැතිවීම නිසා රෝගින් දැඩි අපහසුතාවට පත්ව තිබේ .

අයර්ලන්තයට එරෙහි පළමු තරගයේ ජය ලංකා කෙල්ලන්ට..

අයර්ලන්තයට එරෙහි පළමු තරගයේ ජය ලංකා කෙල්ලන්ට..

වෛද්‍ය සැපයීම් අංශයේ ස්වස්ථා දත්ත පද්ධතියට අනුව Neostigmine Injection 2.5mg in 1mL Ampoule, Neostigmine methylsulphate injection 5mg in 2ml ampoule, Neostigmine methyl sulphate Injection 2.5mg in 5ml ampoule ගබඩාවල නොමැති බව සඳහන් වේ.

වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරියගෙන් කළ විමසිමකදී ඔහු ප්‍රකාශ කළේ ලබන සඳුදා (19 වැනිදා) මෙම එන්නත් ලැබීමට නියමිත බවයි.

ආදායම් බදු දෙපාර්තමේන්තුවේන් විශේෂ නිවේදනයක් ..වහාම මේ ගැන දැනුවත් වෙන්න..

ආදායම් බදු දෙපාර්තමේන්තුවේන් විශේෂ නිවේදනයක් ..වහාම මේ ගැන දැනුවත් වෙන්න..

අදාළ එන්නත එක්ලක්ෂ පනස්දහසකත් මිලදී ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ටෙන්ඩරයක් කැඳවා ඇති අතර එය මෙතෙක් සැපයුම්කරුවෙක්ට ලබානොදී ලිපි ගොනු රඳවා ගැනීම නිසා මෙම එන්නත් රෝහල්වල නොමැතිවීමේ අවධානමක් ඇති බව සෞඛය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කර තිබේ .

මේ පිළිබඳව නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින්ද සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කිරීමක් කර ඇත.

ReeCha