රෝහලෙන් පැන ගිය රෝගියෙකු මරුට...

By Parami Dissanayake Jul 01, 2024 05:45 PM GMT
Report

ඊයේ (30දා) එන්නත් ලබා දීම සම්බන්ධයෙන් බියට පත් වූ රෝගියෙකු වවුනියාව මහ රෝහලෙන් පලා යමින් සිටියදී වාහනයක ගැටීමෙන් මහමග දී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය ධීවරයන් වෙනුවෙන් වන්දි ගෙවීමට සාකච්ඡා...

මියගිය ධීවරයන් වෙනුවෙන් වන්දි ගෙවීමට සාකච්ඡා...

වවුනියාවේ ආච්චිපුරම් ප්‍රදේශයේ පදිංචි ඇලෝසියස් ෂෙල්ටන් නැමති 52 හැවිරිදි මෙම පුද්ගලයා රෝගී තත්ත්වයක් හේතුවෙන් වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර, මේ පුද්ගලයා ඖෂධ එන්නත් ලබා ගැනීමට අකැමති සහ දැඩි බියකින් පසුවන පුද්ගලයෙක් බව සඳහන් ය.

වාට්ටුවේ හෙදියන් ඔහුට එන්නත් ලබා දීමට සූදානම් වන විට මෙලෙස ඔහු රෝහලෙන් පලා ගොස් ඇති බව වාර්තා වේ.

බර්ත්ඩේ කාඩ් එකක් ගන්න පිංකැටේ කඩපු සිසුවා පරිවාසෙට...

බර්ත්ඩේ කාඩ් එකක් ගන්න පිංකැටේ කඩපු සිසුවා පරිවාසෙට...

ඒ අනුව ,ඔහු නිවසට යාම සදහා වවුනියාවේ කොවිල්පුදුකුලම ප්‍රදේශය දක්වා පයින්ම ගොස් ඇති බවත් එම අවස්ථාවේදී පාරේ ගමන් කළ වාහනයක ගැටී බිම ඇද වැටීමෙන් මරණයට පත් ව ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත්, අනතුර සිදු කළ වාහනය පලා ගොස් ඇති බව ද වාර්තා වේ.