මියගිය ධීවරයන් වෙනුවෙන් වන්දි ගෙවීමට සාකච්ඡා...

By Parami Dissanayake Jul 01, 2024 05:24 PM GMT
Report

 ඩෙවෝන් - 5 බහුදින ධීවර යාත්‍රාවේ ස්කිපර්වරයා ඇතුළු මියගිය ධීවරයින්ගේ පවුල්වල සාමාජිකයින් වෙත සුදුසු වන්දි මුදලක් ගෙවීම සඳහා කටයුතු කරමින් සිටින බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා.

කාසියේ වාසිය Kandy Falcons කණ්ඩායමට...

කාසියේ වාසිය Kandy Falcons කණ්ඩායමට...

මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබු ද්‍රාවණයක් පානය කිරීම නිසා මෙම අවාසනාවන්ත මරණයන් සිදුවූ බවට පැවසෙයි.

මේ අතර, ඩෙවෝන් - 5 යාත්‍රාවේ තිබු යාත්‍රා නිරීක්ෂණ ආපදා බොත්තම ක්‍රියාත්මක කර ආපදාව පිළිබඳව දැනුම්දීමට කටයුතු කර නොමැති වීමද කනගාටුදායක කරුණක් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

බර්ත්ඩේ කාඩ් එකක් ගන්න පිංකැටේ කඩපු සිසුවා පරිවාසෙට...

බර්ත්ඩේ කාඩ් එකක් ගන්න පිංකැටේ කඩපු සිසුවා පරිවාසෙට...

ඩොවෝන් - 5 යාත්‍රාව ගොඩබිම සිට නාවික සැතපුම් 360ක් එනම් 600kmකට අධික දුරකින් ගමන්කර තිබු අතර එවන් දුරක් වෙත ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා මගින් ගමන් කිරීමට ඇති හැකියාව තමන් සොයාබැලු බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, සාමාන්‍යයෙන් හෙලිකොප්ටර් යානයකට ගමන්කළ හැකි දුර මෙන් 04 ගුණයක් පමණ ඈතින් අදාළ යාත්‍රාව තිබූ බව ය.