බර්ත්ඩේ කාඩ් එකක් ගන්න පිංකැටේ කඩපු සිසුවා පරිවාසෙට...

Report

සිය පෙම්වතිය වෙත උපන්දින සුබ පැතුම්පතක් මිලදී ගැනීම සඳහා පිං කැටයකින් මුදල් සොරකම් කල පෙම්වතෙක් පිළිබඳ කුරුඳුවත්ත පොලිසියෙන් වාර්තා විය.

ජනපතිගෙන් හෙට පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක්...

ජනපතිගෙන් හෙට පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක්...


සිද්ධියට අදාලව අත්අඩංගුවට ගනු ලැබූවේ 14 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි සිසුවකු වන අතර කුරුඳුවත්ත පොලිසිය විසින් කොළඹ 07 බෞද්ධාලෝක මහා විහාරයට අයත් පිං කැටයකින් රුපියල් 130 ක් සොරකම් කළ චෝදනාව මත ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි .

එහිදී ඔහුව පරිවාස භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අද (01) නියෝග කර තිබේ.

ලෝක ආහාර වැඩසටහනෙන් බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55000ක්...

ලෝක ආහාර වැඩසටහනෙන් බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55000ක්...

සැකකාර සිසුවා තම බාලවයස්කාර පෙම්වතිය වෙත උපන්දින සුබ පැතුම්පතක් දීම සඳහා එලෙස පිං කැටය තුළ තිබූ රුපියල් මුදල් සොරකම් කර ඇති අතර එහිදී සැකකාර සිසුවා පවසන සිද්ධිය සත්‍ය දැයි දැන ගැනීම සඳහා සිය පෙම්වතිය ලෙස හඳුන්වනු ලැබූ දැරියගේ දුරකථන අංකයට පොලිසිය විසින් ඇමතුම් ගත් බවත්, එහිදී එම දැරිය ඉතා කුඩා වයස් සීමාවක පසුවන දැරියක් බව අනාවරණ වූ බවත් කුරුඳුවත්ත පොලිසියේ නිලධාරින් දන්වා ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකාර සිසුවා පරිවාසභාරයේ තබන ලෙස නියෝග කර ඇත.