රජය එකවර තීරණයකට යයි.. 2025 ඇරඹෙන හෙට දවසේ.. සියලු රාජ්‍ය සේවකයින් කළ යුතු දෙය මෙන්න..

Report

2025 නව වසර හෙටින් ආරම්භ වේ.

ඒ අනුව රාජකාරී ආරම්භ කරන හෙට (01) දිනයේ සියලු රාජ්‍ය ආයතනවලට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ නිල උත්සවයක් පවත්වන ලෙසයි.

ඒ ගමන ඇට්ටි හැලෙන්න දෙන්න ද එන්නෙ?. කාලගුණයේ වෙන දෙය මෙන්න..

ඒ ගමන ඇට්ටි හැලෙන්න දෙන්න ද එන්නෙ?. කාලගුණයේ වෙන දෙය මෙන්න..

ඒ අනුව අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත ඒ පිළිබදව දැනුම් දී ඇති බව වාර්තා වේ.

“ක්ලීන් ශ්‍රී ලංකා “ ජාතික වැඩසටහන සමග නව වසරේ රාජකාරී කටයුතු ඇරඹිය යුතු බව එම චක්‍රලේඛයේ සදහන් වේ.

හෙට (01) ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන එළිදැක්වීම රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදුකිරිමට නියමිතය.

ඒ ජනාධිපති කාර්යාලයේ දී ය.

ජනවාරි 5 වෙනිදාට කලින් ගෙවා අවසන් කරන්න යන වන්දිය.. එතකොට පෙබරවාරියෙ මොකක්ද දෙන්න යන්නෙ?.

ජනවාරි 5 වෙනිදාට කලින් ගෙවා අවසන් කරන්න යන වන්දිය.. එතකොට පෙබරවාරියෙ මොකක්ද දෙන්න යන්නෙ?.

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී ඇත්තේ ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්, සමස්ත රාජ්‍ය සේවයේ නියුතු පිරිසගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන කාර්යයට සමගාමීව සිය සේවා ස්ථානවල රාජකාරී කටයුතු ආරම්භ කිරීම සිදුකළ යුතු බව ය.

ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහන එළිදැක්වීමේ ජාතික උත්සවය සියලු රජයේ සහ පෞද්ගලික විද්‍යුත් නාලිකා මගින් විකාශනය කිරීමට කටයුතු සලසා ඇත.

එමෙන්ම, සියලු රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයට එය නැරඹීමේ පහසුකම සලසා දෙන ලෙස ද දැනුම් දී ඇත.

කෙසේ වෙතත්, ඒ අනුව සියලු රාජ්‍ය සේවකයින් ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රතිඥාව කියවිම සඳහා සජීවීව සම්බන්ධ විය යුතු වේ.

You May Like This Video👇