ට්‍රම්ප් නිසා ප්‍රංශ ජනපති මහපාරට, පයින් යද්දි එක් මිනිසකු ඔහුගේ නළලත් සිපගෙන

Report

අමෙරිකාවේ නිවයෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් වශයෙන් පිළිගනිමින් කළ කතාවෙන් අනතුරුව ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රෝන්ට පැය බාගයක් පමණ නිව්යෝර්ක් හරහා දෙපයින් ඇවිද යාමට සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහුගේ රථය නැවැත්වීම හේතුවෙන් ඔහු මෝටර් රියෙන් පිටතට පැමිණ එතැන සිටි පොලිස් නිලධාරියකු සමග කතා කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එසේම එම්මානුවෙල්ගේ රථය ඇතුළු මාර්ගයේ සෑම වාහනයක්ම එම අවස්ථාවේ නවතා තිබී ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිය පෙළ පැමිණීමේ බලාපොරොත්තුවෙන් වීම නිසා බව ඔහුට එහිදී දැනගන්නට ලැබී තිබෙනවා.

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි

ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි

එම අවස්ථාවේදී එම්මානුවෙල් විසින් ට්‍රම්ප්ට දුරකතන ඇමතුමක් ගෙන ඇත.

 “ඔයාට කොහොමද? අනුමාන කරන්න? මම පාරට වෙලා බලා ඉන්නවා, මොකද සියල්ල ඔබ වෙනුවෙන් නැවතිලා තියෙන්නේ "

කෙසේ වෙතත් මැක්‍රෝන්ට වාහනයෙන් යාමට අවසර නොලැබුණු නිසා දෙපයින් මිනිත්තු 30ක් පමණ ඇවිද යාමට සිදුවූ අතර ඇතැමුන් ඔහු සමඟ ඡායාරූප ගැනීමට අවශ්‍ය බව කියූ නිසා වරින් වර නතර වූ බවත් එක් මිනිසකු ඔහුගේ නළල සිපගත් බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ වත්කම් මෙන්න, බිලියන බාගයකට ආසන්නයි

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ වත්කම් මෙන්න, බිලියන බාගයකට ආසන්නයි

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව