පොහොට්ටුවේ සහ ශ්‍රිලනිප ප්‍රබලයෝ සජබයට එක් වුණේ මෙන්න මෙහෙමයි..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු කිහිප දෙනකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා එක්ව තිබෙනවා.
ඒ ඒ මහතාගේ රට ගොඩනගන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් ය.
මෙලෙස ඒ මහතා සමග එක්ව ඇත්තේ වයඹ පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක ය.
එමෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක සමන්ත ප්‍රදීප් කුමාර සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොතුවිල් ආසනයේ කැඳවුම්කරු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොතුවිල් ආසනයේ හිටපු ප්‍රධාන සංවිධායක, පොතුවිල් ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අබ්දුල් මජීඩ්ගේ සහායත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබා දුන්නේ ය.