රාජපක්ෂවරයෙක් වහා රෝහල්ගත කෙරේ.. ඒ ගැන වෛද්‍යවරුන් සඳහන් කළේ මෙවැන්නකී..(PHOTOS)

Report

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසුව සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා තුවාල ලබා තිබෙනවා. 

රාජපක්ෂවරයෙක් වහා රෝහල්ගත කෙරේ.. ඒ ගැන වෛද්‍යවරුන් සඳහන් කළේ මෙවැන්නකී..(PHOTOS) | Gunathilaka Rajapakse Is Hospitalized

ඒ හේතුවෙන් ඒ මහතා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

අද (03) පස්වරුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී  පැවැත්විණ.

ජනතාවට භය වෙන්න දෙයක් නෑ - සියල්ල රජයෙන් නොමිලේම?.. රජය විශේෂ තීරණයකට ගිහින් මෙන්න.

ජනතාවට භය වෙන්න දෙයක් නෑ - සියල්ල රජයෙන් නොමිලේම?.. රජය විශේෂ තීරණයකට ගිහින් මෙන්න.


ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

එහිදී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා.

රාජපක්ෂවරයෙක් වහා රෝහල්ගත කෙරේ.. ඒ ගැන වෛද්‍යවරුන් සඳහන් කළේ මෙවැන්නකී..(PHOTOS) | Gunathilaka Rajapakse Is Hospitalized

ඒ මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් සඳහා මුදල් ප්‍රතිපාදන ගැටලුවක් මුලකර ගනිමින් ය.

එහිදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා මැදිහත් වී එම සිදුවීම සමථයකට පත් කර ඇති බව සඳහන් වීය.

නමුත් මන්ත්‍රී කණ්ඩාම් රැස්වීම අවසන් වී නික්ම යන අවස්ථාවේ පඩිපෙළ මත දී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර යළිත්වරක් බහින් බස්වීමක් සිදුව ඇති බව වාර්තා වීය.

එහිදී දෙදෙනාගේ බහින්බස්වීම දුටු ජගත් සමරවික්‍රම මන්ත්‍රීවරයා එම ස්ථානයට පැමිණ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා රැගෙන යාමට උත්සාහ කර තිබෙනවා.

ලංකා බැංකුවෙන් ඔබ දැනගත යුතුම විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO/VIDEO)

ලංකා බැංකුවෙන් ඔබ දැනගත යුතුම විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO/VIDEO)


එහි දී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා පඩිපෙළේ ඇදවැටී ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේ ය.

එහිදී සිදු වූ එම අනතුරින් තුවාල ලැබූ මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා යුද හමුදා රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා විය.

කෙසේ වෙතත්, වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පාදයේ අස්ථි බිඳුමක් සිදුව ඇති බවයි.