මාරක අනතුරක් .පිරිසකට බරපතලයි !
By Hashan
වවුනියාව, ඕමන්ත ප්‍රදේශයේ දී අද (26) අලුයම මෝටර් රථයක් ටිපර් රථයක ගැටීමෙන් බරපතල අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් ඉන්දීය කොන්සල් කාර්යාලයේ සේවය කළ නිලධාරියෙකු මිය ගොස් ඇතැයි ඕමන්ත පොලීසිය සඳහන් කර සිටියා. කොළඹ සිට යාපනය බලා ධාවනය වූ ඔවුන් ගමන් ගත් මෝටර් රථය යාපනය සිට ඕමන්ත දක්වා ධාවනය වූ ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් ඉන්දීය කොන්සල් කාර්යාලයේ සේවය කළ සජිතානන්ද ප්‍රභාකර කුරුක්කල් නම් අවුරුදු 52 නම් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඔහුගේ බිරිඳ, පුතා සහ ඔහුගේ මාමණ්ඩිය ඇතුළු අනෙක් පිරිස බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන් වවුනියාව රෝහලට ඇතුළත් කිරීමටද පියවර ගෙන තිබුණා.

“සුදු වෙන ක්‍රීම් ගාලා ටික්ටොක් එකේ ගොන් වීඩියෝ දාපුවම නළුවෙක් නිලියෙක් වෙන්නත් පුළුවන්” – අශාන් කියයි
මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඕමන්ත පොලීසිය සිදු කරනු ලබනවා. මාරක අනතුරක් .පිරිසකට බරපතලයි