මිස් වර්ල්ඩ් කියන ලිංගික හිංසා ගැන මිස් වර්ල්ඩ් කට අරී

Sinhala news Miss world miss world 2025
By Hashini May 26, 2025 08:53 AM GMT
Hashini

Hashini

Report

 "ලෝක රූ රැජින" සංවිධානය පවසන පරිදි, එංගලන්ත රූ රැජින වන මිල්ලා මාගී 2025 ලෝක රූ රැජින තරගය අතරවාරයේ තමන් අපහසුතාවට පත් වූ බවට කළ චෝදනා සහ ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවයි.

සංවිධානයේ සභාපතිනි සහ ප්‍රධාන විධායක නිලධාරිනි ජූලියා මෝර්ලි, මිල්ලා මාගීගේ ඉවත්වීම සම්බන්ධයෙන් පවසන්නේ, ඇගේ මවගේ සෞඛ්‍යයට අදාළ පවුල් හදිසි අවස්ථාවක් හේතුවෙන් තරගයෙන් ඉවත් වන ලෙස ඇය ඉල්ලා සිටි බවයි. මවක් හා මිත්තණියක් ලෙසත්, ලෝක රූ රැජින තරගයේ සභාපතිනිය ලෙසත්, ඇය මිල්ලාගේ තත්ත්වයට අනුකම්පාවෙන් යුතුව ඇගේ පවුලේ යහපැවැත්මට ප්‍රමුඛත්වය දෙමින් ඇයට එංගලන්තයට ආපසු යාමට වහාම අවස්ථාව ලබා දුන් බවයි.

Miss World තරඟයේ ලිංගික අල්ලසක්.. - 'අනුග්‍රාහක පිරිමින් සතුටු කරන්න අපට කිව්වා' Miss England සියල්ල වමාරයි

Miss World තරඟයේ ලිංගික අල්ලසක්.. - 'අනුග්‍රාහක පිරිමින් සතුටු කරන්න අපට කිව්වා' Miss England සියල්ල වමාරයි

මිල්ලා මාගී විසින් ඉන්දියාවේ අත්දැකීම් සම්බන්ධයෙන් කළ අසත්‍ය හා අපහාසාත්මක ප්‍රකාශ එක්සත් රාජධානියේ ඇතැම් මාධ්‍ය ආයතන විසින් ප්‍රකාශයට පත් කර ඇති බවත්, එම ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවත්, ඇය අප සමඟ ගත කළ කාලය පිළිබඳ යථාර්තය මෙම ප්‍රකාශයන්ට පටහැනි බවත් ජූලියා මෝර්ලි වැඩිදුරටත් පවසනවා. එසේම, "ලෝක රූ රැජින තරගය" සත්‍යය, ගෞරවය සහ අරමුණක් සහිත සුන්දරත්වයේ වටිනාකම්වලට කැපවී සිටින බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

අනුදිව පරද්දන්න තායිලන්ත රූ රැජිණ හොර කරනවද? (PHOTO)

අනුදිව පරද්දන්න තායිලන්ත රූ රැජිණ හොර කරනවද? (PHOTO)

එබැවින්, මෙවැනි චෝදනා හෝ පුවත් පළ කිරීමට පෙර ඒවායේ සත්‍යතාව සහ තොරතුරුවල නිරවද්‍යතාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ලෙස ඇය ඉල්ලා සිටිනවා. 

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

ReeCha