දෙමළ ජාතික සන්ධානයක් ලෙස ඉදිරියට යන්න ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් ඇරයුම්..

Report

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය ලෙසට සන්ධානගතව තරග කිරීමට එක්වන ලෙස ඉලංගෙයි තමිල් අරසු පක්ෂය; දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ පක්ෂ වෙත ආරාධනා කර තිබෙනවා.

ඝාතනයක් කරන්න ගිහින් අවසානෙට කරලා තියන දේ ..

ඝාතනයක් කරන්න ගිහින් අවසානෙට කරලා තියන දේ ..

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (28) වවුනියාවේ දී රැස්වීමෙන් අනතුරුව මෙම ආරාධනාව සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පැවසුවේ මීට පෙර පාර්ලිමේන්තු මැතිවරණවල තරග කළ ආකාරයටම මෙවර ද ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නම හා පක්ෂයේ ලාංජනය යටතේ දෙමළ ජාතික සන්ධානය ලෙසට සන්ධානගතව තරඟ කිරීමට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ පක්ෂ වෙත ආරාධනා කර සිටින බවයි.

ලද තොරතුරක් ඔස්සේ කල විමර්ශනයෙන් කූඨ සොරුන් දෙදෙනෙකු පොලිස් දැලේ..

ලද තොරතුරක් ඔස්සේ කල විමර්ශනයෙන් කූඨ සොරුන් දෙදෙනෙකු පොලිස් දැලේ..

සන්ධානගතව තරග කිරීමට අනෙකුත් පක්ෂ එකඟ නොවුණහොත් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තම පක්ෂය තනිව තරග කිරීමට තීරණය කළ බවද ඔහු මෙහිදී පැවසුවා.

එමෙන්ම ජනාධිපතිවරණයේ දී දෙමළ පොදු අපේක්ෂක ලෙස කටයුතු කළ පක්ෂයේ නියෝජිත පි.අරියනේන්දිරන්ගෙන් තවදුරටත් ඒ සම්බන්ධයෙන් කරුණු විමසා අවසන් තීරණයක් ගැනීමට පක්ෂය තීන්දු කළ බව ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සඳහන් කළා.

බඩු මිල ටික ටික පහළට යන කොට බලන්නකෝ හිතාගන්නවත් බැරි ගානකින් මිල ඉහළ ගිහින් තියනදේ ..

බඩු මිල ටික ටික පහළට යන කොට බලන්නකෝ හිතාගන්නවත් බැරි ගානකින් මිල ඉහළ ගිහින් තියනදේ ..

එළඹෙන මැතිවරණයට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් පක්ෂ කමිටුවක් ස්ථාපිත කළ බව ද හිටපු මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර සිටියා.

දෙමළ ජාතික සන්ධානය ලෙසට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමඟ සන්ධානගතව සිටි ප්ලෝට් හා ටෙලෝ සංවිධානය පසුගිය ජනාධිපතිවරණයේදී ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ තීරණයට විරුද්ධව උතුරු නැගෙනහිර නියෝජනය කරන පක්ෂ හතක් සමඟ එක්ව ජනාධිපතිවරණයේ දී දෙමළ පොදු අපේක්ෂක ලෙස කටයුතු කළ පි.අරියනේන්දිරන් වෙත සහයෝගය පළකර සිටියා.