රාජ්‍ය සේවකයින්ට 15,000ක දීමනාවක්.. මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න.(VIDEO)

Report

වහාම ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර නිලධාරීන්ට රුපියල් 15,000 ක දීමනාවක් ලබා දීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් යොමු කිරීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය සේවකයින්ට 15,000ක දීමනාවක්.. මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න.(VIDEO) | 15000 Stipend To Prison Officials

ඒ සම්බන්ධයෙන් අද (20) දිනම අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණය, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

කීයකින් ද?. තෙල් මිලෙ එකවරම වුණ වෙනස මෙන්න..

කීයකින් ද?. තෙල් මිලෙ එකවරම වුණ වෙනස මෙන්න..


අධිකරණ අමාත්‍යාංශයේ පැවති සාකඡාවකදී අමාත්‍යවරයා බන්ධනාගාර නිලධාරීන්ගේ දීමනා පිළිබඳව සමාලෝචනයක් සිදු කර ඇත.

ඒ අනුව පොලිස් නිලධාරීන්ට සමගාමීව දීමනා වැඩි කිරීමට එකඟතාවය පළ කර තිබෙනවා.

මහ බැංකුව තීරණයකට යයි.. හෙට කරන්න යන දෙය ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න..

මහ බැංකුව තීරණයකට යයි.. හෙට කරන්න යන දෙය ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න..


එතෙක් රුපියල් 15,000 දීමනාව ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා එහිදී පැවසීය.

ඒ අනුව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉදිරි සතියේදී ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට යොමු කිරීමට පියවර ගන්නා බවයි.

රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීරට තැපෑලෙන් රුපියල් 300ක්.. දෙන්න හේතුවත් එළියට ඇවිත් මෙන්න..(VIDEO)

රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීරට තැපෑලෙන් රුපියල් 300ක්.. දෙන්න හේතුවත් එළියට ඇවිත් මෙන්න..(VIDEO)


කෙසේ වෙතත්, අද බන්ධනාගාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත විය.

ඒ රුපියල් 25,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලමින් ය.

අධිකරණය, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා දැක් වූ අදහස් පහතින් නරඹන්න,


.