නීතිය නොසැලකූ නීතිඥවරයාට වැඩ වරදි..

Sri Lanka Police Sri Lanka Sri Lanka Magistrate Court Social Media
By Piyumika Sep 03, 2024 06:37 AM GMT
Piyumika

Piyumika

Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සිය සුඛෝපභෝගී මෝටර් රථයක් 15 හැවිරිදි දරුවෙකුට පැදවීමට ඉඩ ලබාදුන් පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් 55,000ක දඩ මුදලක් නියම කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ නියෝග කර තිබේ.

ත්‍රිරෝද රථයේ රෝදය සවිව තිබූ ඇක්සලය කැඩී සිදු වූ බිහිසුණු අනතුර..(PHOTO)

ත්‍රිරෝද රථයේ රෝදය සවිව තිබූ ඇක්සලය කැඩී සිදු වූ බිහිසුණු අනතුර..(PHOTO)

මෙලෙස දඩ නියම වූයේ පුත්තලම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි නීතිඥවරයෙකුට සහ ඔහුගේ පුතුටය. ඊට අමතරව දැඩි අවවාද කළේය. නීතිඥවරයා සහ එම කුඩා දරුවා පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙදෙනාටම රුපියල් 55,000ක දඩ මුදලක් නියම කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ නියෝග කර ඇත.

ඉකුත් 24 වැනිදා නීතිඥවරයා සිය පවුලේ සාමාජිකයන් සමඟ තංගල්ල ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් පසුදින යළි මත්තල සිට කටුනායක දෙසට මෝටර් රථය පැද යෑමේදී මෝටර් රථය 15 හැවිරිදි පුතු වෙත ලබා දී ඔහු එය පදවාගෙන යමින් සිටියදී වෙනත් වාහනයක් පදවාගෙන යමින් සිටි පුද්ගලයෙකු එය ජංගම දුරකතනයෙන් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණි.

චීනයේ පාසල් බස් රථයක් ජනතාව අතරට කඩා වැදීමෙන් සිදු වූ භයානක අනතුර..

චීනයේ පාසල් බස් රථයක් ජනතාව අතරට කඩා වැදීමෙන් සිදු වූ භයානක අනතුර..

මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම රථවාහන පොලිසියේ නිලධාරීන් මෝටර් රථයේ ලියාපදිංචිය අංකය ඔස්සේ සිදු කළ විමර්ශනවලදී අදාළ මෝටර් රථයේ හිමිකරු පුත්තලම ප්‍රදේශයේ අයෙකු බවට හඳුනාගෙන කරන ලද දැනුම් දීමකින් අනතුරුව ඔහු පොලිසිය වෙත ගෙන්වා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

මෝටර් රථයේ ලියාපදිංචි අයිතිකරු වන නීතිඥවරයා රියැදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනයට ඉඩදීම යන චෝදනාවට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 25,000ක දඩ මුදලක් සහ වයස අවුරුදු 17ට අඩු අයකු රිය පැදවීම හා ආසන පටි නොපැලැඳ රිය ධාවනය කිරීම යන චෝදනා යටතේ නීතිඥවරයාගේ පුතුට රුපියල් 30,000 ක දඩ මුදලක් නියම කිරීමට මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.]

පරාජය දරා ගැනීමට නොහැකිව කරපු දෙයක්..

පරාජය දරා ගැනීමට නොහැකිව කරපු දෙයක්..

අධිවේගී රථවාහන පොලිසියේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මයුරා පෙරේරා සහකාර පොලිස් අධිකාරී වසන්ත කෝරලගේ, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරුද්ධ චන්ද්‍රසේකර මහත්වරුන්ගේ උපදෙස් මත ගැලනිගම රථවාහන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඒ. කරුණාරත්න පොලිස් පරීක්ෂක කේ.එම්.සි. කුමාරසිංහ පොලිස් සැරයන් 33407 චන්දන මහත්වරු පරීක්ෂණ පැවැත්වූහ.

බණ්ඩාරගම පොලිසියේ රථවාහන පොලිස් සැරයන් 37199 සම්පත් මහතා පැමිණිල්ල අධිකරණය වෙත ඉදිරිපත් කළහ.